සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රේක්ෂකයින් අන්දුන් කුන්දුන් කළ මොකක්ද මේ දඩ ලකුණු කතාව?

by editor
ජූනි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ ඉන්දියාවට ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට දඩ ලකුණු 05ක් හිමි වුනේය. ඒ ඇමරිකාව සමග පැවති තරගයේ දී ය. ක්‍රිකට් ඉතිහාසයේ ටයිම් අවුට් දැවී යෑම ඈන්ජලෝ මැතිව්ස්ට සිදුවූවා සේ පළමු දඩ ලකුණු කන්නට වූයේ ඇමරිකාවටය.

ප්‍රේක්ෂකයින් අන්දුන් කුන්දුන් කළ මේ දඩ ලකුණු කතාව කුමක් ද?.

මේ තරගාවලියට පැමිණෙද්දි අයි.සි.සී. ය නීති කිපයක් හඳුන්වා දුන්නේය. ඉන් එක් නීතියක් වූයේ පන්දු වාර දෙකක් අතර කාලය තත්පර හැටකට සීමා කිරීමය. එනම් පන්දු ඕවරයක් යවා විනාඩියක් ඇතුළත පන්දු රකිකන ක්‍රීඩකයින් ස්ථානගත වී තත්පර හැට ඇතුළත පන්දු යැවීම ආරම්භ කළ යුතු වීමය.

මේ කාල කලමණාකරණය අවස්ථා දෙකකදී නොකළහොත් ඒ පිළිබඳව අවවාදයක් සිදුකරන්නේය. තුන්වන වරත් ඒ කළමනාකරණය සිදුනොවුනහොත් පිතිකරණ කණ්ඩායමට ලකුණු 05ක දඩ ලකුණු ප්‍රමාණයක් එක් වන්නේය.

ඊයේ ඉන්දියා ඇමරිකා තරගයේ දී ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම වරට එම දඩය ඇමරිකානුවන් විසින් කෑවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම් අතර තරගය දැඩි උණුසුම් මුහුණුවරකින් පැවැත්වෙමින් තිබුණේ ඉන්දියාව අපේක්ෂා නොකළ පීඩනයත් සමගය. තරගයේ 16 වැනි ඕවරය ආරම්භයේදී ඉන්දියාවට ලකුණු 35ක් අවශ්‍යව තිබිණි. පිතිකරණයට අසීරු තණතීරුවක් තුළ පන්දු ගණනට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතුව තිබුණු මොහොතක මෙම දඬුවම් ලකුණු 05 ඉන්දියාවට ලැබිණි.

පසුව ජයග්‍රහණයේ සමීකරණය පන්දු 30කදී ලකුණු 30කට සීමා විය. ඉන්දියාව තවත් පන්දු දහයක් ඉතිරිව තිබියදී කඩුලු 7කින් ඇමරිකා එක්සත් ජනපදය පරාජය කිරීමට සමත් විය.

පැවති තත්ත්වය අනුව කඩුළු 03ක් පමණක් බිඳී සිටි ඉන්දියානු කණ්ඩායම ජයග්‍රහණය කරන බව පැහැදිලිව පෙනුනි. කෙසේ වෙතත් මේ ලකුණු 05 නොලැබුණා නම් තවත් පන්දු ඕවරයක් ඉදිරියට තරගය ඇදෙන්නට ඉඩ තිබිණි.

ජූනි 1 වැනිදා සිට පිරිමි එක්දින සහ විස්සයි20 තරගවල ස්ථීර නීතියක් බවට මෙය පත් විය. ක්‍රීඩාව වේගවත් කිරීම සඳහා පැවැත්වූ හඳුන්වාදෙන මෙම නීතිය තරගයක විනාඩි 20ක් පමණ ඉතිරි කරන බව අයිසීසීය පවසා ඇත.

ආබාධයකට ලක්ව සිටි මොනාන්ක් පටෙල් නොමැති එක්සත් ජනපද කණ්ඩායමේ නායකත්වය දැරුවේ ආරොන් ජොන්ස්ය. නායක ආරොන් ජෝන්ස් හට සිදුවූයේ කුමක්දැයි විනිසුරුවන් පැහැදිලි කරනු දක්නට ලැබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොවිපල කුකුළන්ට හෝමොන දෙන්නෙ නෑ…  කුඩා ගැහුනු දරුවන්ට කුකුළුමස් අගුණයි  කියන කතාව පට්ටපල් බොරුවක්… පශු විද්‍යාඥවරු කියති!

Next Post

පේදුරුතුඩුව රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් සිය දිවි නසා ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.