කෝටිපති ව්‍යාපාරිකයින්ගෙන් මුදල් වංචා කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන තිළිණි ප්‍රියමාලි විවිධ පුද්ගලයන්ට වංචා කර ඇති මුදල රුපියල් කෝටි 128 කට අධික යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද (27) පැවසීය.
තිළිණි ප්‍රියමාලිට මුදල් ලබාදුන්නේ යැයි ලැබී ඇති පැමිණි 12 ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
දේශපාලකයින්, ප්‍රසිද්ධ හිමිවරුන්, පාතාල ජාවාරම් කරුවන්, බදු වංචා කරමින් කළු සල්ලි පොදි ගැසූ පිිරිස් මෙම කාන්තාවගේ වංචාවට හසු වී ඇතැයි හෙළි වී තිබේ.
විමර්ශනය තවදුරටත් කෙරෙමින් පවතින බව පොලිසිය පවසයි.







