ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට නියෝග කළේය.
සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
උප්පැන්න සහතිකවල සහතික පිටපත් ඉදිරිපත් කිරීම, විධිමත් ලෙස දිවුරුම ඉදිරිපත් නොකිරීම සහ උප්පැන්න සහතිකවල ඡායා පිටපත් පමණක් ඉදිරිපත් කිරීම යන කරුණු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනාවලට අදාළව ගොනුකරන ලද පෙත්සම් සඳහා අදාල තීන්දුව මෙසේ ප්‍රකාශයට පත් කෙරිනි.







