බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රගතිශීලීව කටයුතු කරනවා නම් ජවිපෙ බලයට ගේන්න වැඩ කරන්නත් සූදානම්… මහාචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියෝ කියති!

by editor
මාර්තු 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්වහන්සේලා පවසන  කාරණා සලකා බලා ප්‍රගතිශීලීව කටයුතු කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණ වුවත් බලයට ගෙන ඒමටජනතාව ඉදිරියට  යෑමට සූදානම් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබයතිස්ස හිමියෝ පවසති.

මේ රට රැක ගැනීමේදී නිල්, කොළ, රතු පාට භේදයක් නොමැති බවත් උන්වහන්සේ කීහ.  උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) මහනුවර දී මාධ්‍ය අමතමිනි.

උන්වහන්සේ මෙසේ ද කීහ.

“ඉන්දියානු ව්‍යාප්තවාදය  කියන බූවල්ලා මේ වන විටත් රටේ කොටසක් ගිලගෙන ඉවරයි. ඉතිරි කොටසත් ගිලිනකම් අපිට බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මේ ඉන්දියානු ව්‍යාප්තවාදයට, එට්කා ගිවිසුමට, රට පාවාදීමට එරෙහි මහා සංඝ සම්මේලනයක් පවත්වලා ඒ හඬ රට පුරාම අරන් යනවා. “

“අද අපේ රටේ තියෙන තත්ත්වය අනුව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල දිහා  බලාගෙන අතපාලා ණය අරගෙන එදිනෙදා කාලා  ජීවත් වෙනවා ඇරෙන්න වෙන කිසි දෙයක් වෙන්නේ නෑ. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් පේන්නවත් නෑ. මේ දවස් ටිකේ අපායට යන පාර කාපට් කරලා දෙපැත්තේ මල්ගස් හිටවනවා. අපායට යන පාර රළු පරළු වුණත් කාපට් කරලා තිබ්බත් යන්නේ අපායට. ඒක තමයි ඇත්ත. මේ රටේ තියෙන දේවල් විකුණන් කනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නෑ. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“මේ රටේ සම්පත් විකුණන්න එපා කියලා මහානායක හිමිවරු පවා පාලකයන්ට ලිඛිතව දැනුම් දුන්නා. මේ ඊනියා රජය කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව රටේ සම්පත් විකුණන්න පිඹුරු පත් සකසලා ඉවරයි. ජන වරමට පටහැනිව රනිල් කටයුතු කරනවා නම් ගෝඨාභයට, මහින්දට, බැසිල් ඇතුළු කණ්ඩායමට යුතුකමක් තියෙනවා ඊට එරෙහි වෙන්න.”

“නමුත් මේ ඔක්කෝටම වඩා බල ලෝභය ප්රභලයි. ඉන්දියාවේ ගිහිල්ලා තෝසේ වඩේ කෑවා කියලා  ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්ද මේ රටේ භෞතික සම්පත් කොල්ලයට ඉඩදී නිහඬව ඉන්න. ජනතා විමුක්ති පෙරමුණ  අප සමග සාකච්ඡා කළා. මේ රටේ ඓතිහාසික උරුමය සුරැකීම, බුද්ධාගම සුරැකීම, විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මතය අපි විමසුවා.”

“ඇතැම් ප්‍රශ්නවලට ඔවුන් නිරුත්තර වුණා. විධායක ජනාධිපති ක්රමය තියෙන්නේ 13 වන ව්‍යවස්ථාව එක්ක ගැටගැහිලයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා නම්  ඊට ප්‍රථමයෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි. උපරිම වශයෙන් බලය බෙදිය යුතුයි. ඒත් රට බෙදන බලය බෙදීමක් අවශ්‍ය නෑ. අපි කියන කාරණා සලකා බලා ප්‍රගතිශීලීව කටයුතු කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණ වුවත් බලයට ගෙන ඒමට අපට ජනතාව ඉදිරියට  එන්න පුළුවන්. මේ රට රැක ගැනීමේදී නිල්, කොළ, රතු පාට භේදයක් අපිට නෑ.  “

“මේ රට පාවාදීමට කිසිවෙකු හෝ ප්‍රයන්ත දරනවානම් ඔහුට නිගා කොට  පන්නා දැමිය යුතුයි. පෙර කල මෙන් රට  ගොඩ නැගීම සඳහා සුදුසු අයෙක් පත් වෙන බව අපට විශ්වාසයි. එසේ නොමැති නම් එවැනි අයෙක් පත් කිරීම සඳහා අවශ්‍ය සියලු කැපවීම් කළ යුතුයි, ඒ වෙනුවෙන්   සංඝරත්නය පළමු පියවර තබනවා. ඉන් අනතුරුව මේ ජාති හිතෛෂී හඬ රට පුරා රැගෙන යනවා. “යනුවෙන්ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ග 19 දා සිට ඇරඹීමට වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කරලා!

Next Post

යුක්තියෙන් අමුඩය ගසාගත් රටක ඇත්ත කතාවේ සංක්ෂිප්තය… ෂාරාස් බාසික් නිදොස් කොට නිදහස්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.