දිනසේන රතුගමගේ-
වර්ෂ 34 කට පසුව යාපනයේ පලාලි අධි ආරක්ෂිත කලාපයෙන් නිදහස් වූ ශ්‍රී රාජේස්වරී අම්මාන් කෝවිලේ පලමු දේව පූජාවට උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් සහ යාපනය ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ අතුලු විශාල පිරිසක් ඊයේ (4 ) සවස සහභාගී වූහ.

උතුරේ ඉඩම් නිදහස් කිරීමේ රජයේ වැඩ පිළිවෙළ යටතේ පලාලි ප්‍රදේශයේ ඉඩම් නිදහස් කිරීමේදී මෙම කෝවිල් භූමියද නිදහස් වූ අතර ජනතාව එහි ගොස් කෝවිල අවට සුද්ධ පවිත්‍ර කිරීමෙන් පසුව මෙම පූජාව සංවිධානය කොට තිබුණි.
කෝවිලේ භාරකාර පූසාරීවරයා විසින් පලමු පූජාව සදහා කළ ආරාධනයට අනුව යුද හමුදාව හා යාපනයේ රාජ්‍ය නිලධාරීන් රැසක් එම පූජාවට සහභාගී වූ අතර යුද හමුදාව විසින් එම පූජාව සඳහා විශේෂ අනුග්‍රහයක්ද දක්වා තිබුණි.
මින් ඉදිරියට යාපනය පලාලි ප්‍රදේශයේ ජනතාවට කෝවිල කිසිදු බාධාවකින් තොරව වැඳ පුදා ගැනීමට අවසර ලැබෙන අතර එම කෝවිලේ පොංගල් උත්සව පැවැත්වීම සඳහාද අවස්ථාව හිමි වී තිබේ.







