අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළාත් පාලන මැතිවරණයේ දී දෙමටගොඩ රුවන් පළාත් සභාවටත්  පුතා නගර සභාවටත්  තරග කරන්න ඉඳලා…

ටිකට් එක ආණ්ඩුවේ දේශපාලන පක්ෂයකින්...

by editor
නොවැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දෙමටගොඩ රුවන්ගේ පුතා එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගරසභාවට ද,  රුවන් කොළඹින් බස්නාහිර පළාත්සභාවට ද ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයකින් ඉදිරිපත් වීමට සූදානමින් සිට ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සංවිධාන කටයුතු පවා සිදුවෙමින් තිබී ඇතැයි හෙළි වී තිබේ.

රුවන්ගේ පුතාට ගිනි අවියක් භාවිතා කිරීමට පවා පසුගිය කාලයේ දී දෙමටගොඩ පොලීසියෙන් නිර්දේශ   නිකුත්කර තිබී ඇති බවටද තොරතුරු සඳහන්ය.

 රුවන්ගේ අතීතය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දෙමටගොඩ රුවන් වර්ෂ 2019 වසරේ මුල විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව මෑතකදී අත්අඩංගුවට ගත් සුවිසල් නිවසේදීමය. පකිස්තානයේ සිට රුවන්ට මෙට්‍රික් ටොන් එකකට වඩා  මත්කුඩු එව්වේ යැයි කියන පකිස්තානුවාවද එදා විශේෂ කාර්ය බලකාය විසින් එම නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අයිස් නැමැති මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි ඇතුළු ආයුධ රැසක්ද මුදල් ලක්ෂ 30 ක්ද විශේෂ කාර්ය බලකාය විසින් එදා සොයා ගත්තේය.  අනතුරුව වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට ඔහුව භාර දුන්නේය.

එහිදී රුවන්ගේ පුතාත් දෙමටගොඩ චමින්දගේ පුතාත් බොරැල්ලේ ප්‍රසිද්ධ කුඩු ජාවාරම් කරියක්වන නිලූ නැමැත්තියගේ පුතාත් එම නිවසේ සිටියදී  අත්අඩංගුවට ගෙන ඒ අයවත් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබුණි.

අපරාධ කොට්ඨාසයෙදීත් සැප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් වාහනද එදා විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගත්තේය. ඒත් ඒවා නැවත ඔවුන්ටම නිදහස් කර තිබුණි. පුතාලා තිදෙනා සහ පකිස්තානුවාද නිදහස ලබන අතර රුවන්ව දින කිහිපයක් රඳවාගෙන පරීක්ෂණ පවත්වන ලදි. එහිදී පරීක්ෂණ කෙසේ වෙතත් රුවන්ට අපරාධ කොට්ඨාශය තුළදී සැප ලැබුණු බව නම් පොලීසිය තුළ ප්‍රසිද්ධ රහසකි.

එම කොට්ඨාසයේ අක්‍රියව තිබුණු ඒ.සී යන්ත්‍රයක් අලුත්වැඩියා වන්නේත්, සිර මැදිරිවල සිටින සිරකරුවන්ට දහඩිය දමන බැවින්   රුපියල් 25000 ක් පමණ වටිනාකමක් ඇති විදුලි පංකා දෙකක් ලැබෙන්නේත් ඔය කාලයේදීය.

ඊට අමතරව ඒ දිනවල රාත්‍රී කාලයට එහි සේවයේ නිරතව සිටින නිලධාරීන්ට නම් කේ.එෆ්.සී සහ මැක්ඩොනල්ඩ් අවන්හල්වලින් ලැබෙන කෑම කා එපා වී තිබුණු බව ද ප්‍රසිද්ධය. අවසානයේදී එහි නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් පවා ආරම්භ වූයේ විශේෂ කාර්ය බලකායෙන් භාරදුන් රුවන්ගේ නිවසින් සොයාගත් රුපියල් ලක්ෂ 30 න් ලක්ෂ 05 ක් අතරුදන්වීමක් සම්බන්ධයෙනි.

හැබැයි පසුව රුවන්ගේම පිහිටෙන් අතුරුදන් වූ මුදල නැවතත් පියවුණු බව දන්නෝ දනිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චීන පොහොර සමාගම නඩු දැම්මොත් නිලධාරීන් වෙනුවෙන් නොමිලේ පෙනීඉන්න නීතිවේදින් සූදානම්!

Next Post

නුවර උපන් ලියෝ කොළඹ දී වැඩ පෙන්වන්න පටන් අරන්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.