ලියෝ සුනඛයා උපන්නේ නිල සුනඛ මූලස්ථානය වන මහනුවර නිල සුනඛ ඒකකයේ දී ය. ඒ 2016 මාර්තු 19 වැනි දිනය. ලියෝගේ මව ලුසිය. ලුසි මේ වනවිට පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි. ලියෝගේ පියා රිනෝය. රිනෝ මේ වන විට පොලිස් මෙහෙයුම් කටයුතුවල නිරතව සිටී.
වසර හතරක මනා පළපුරුද්ද සහ පුහුණුව ද සහිතව ලියෝ ඊයෙ (7)
කොළඹ ගුණසිංහපුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 75 යි ග්‍රෑම් 375 ක ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙක් නීතියේ රැහැනට හසු කර දීමට සමත්ව තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීම මත කොළඹ මහල් නිවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම සිදු කරන පිරිස් සොයා යෑමේ විශේෂ මෙහෙයුමේ දී ලියෝ විසින් මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
ලියෝ සුනඛයා භාරව කටයුතු කරන්නේ කොළඹ පොලිස් නිල සුනඛ ඒකකයේ පොලිස් කොස්තාපල් 81826 රුක්මන් ය.







