සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළවෙනි පරාක්‍රමබාහු රජ තුමා දුස්සීල භීක්ෂූන්ට මරණ දඬුවම දුන්නා… ජනපති පාර්ලිමේන්තුවේ දී ඉතිහාසය සිහි කරයි!

by editor
නොවැම්බර් 29, 2022
in පුවත්
ranil
Share on FacebookShare on Twitter
  • සරසවියට භික්ෂුවක් ලෙස ඇතුළු වී නම් භික්ෂුවක් ලෙසම උපාධිය ලබාගෙන සරසවියෙන් පිටවිය යුතුයි… ජනපති කියයි…

පළමු පරාක්‍රමබාහු රජු දුස්සීල සංඝයාට මරණ දඬුවම ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී සිහි කළේය.

ජනාධිපතිවරයා පැවසුවේ එසේ නමුත් ව්‍යවස්ථාවෙන් තමන්ට එවැනි බලයක් ලැබී නැති බවය. කෙසේ වෙතත්   මේ ගමන් කරනා ආකාරය අනුව ශාසනය බරපතල ලෙස පිරිහෙනු ඇති බව කී ජනාධිපතිවරයා  එය වැළැක්විය යුතු බවත් අතීතයේ  දී ශාසනික ප්‍රතිසංස්කරණ සිදුවූයේ රජවරුන්ගේ මැදිහත්වීමෙන් බවත් පෙන්වා දුන්නේය.

එබැවින් තමන් පළමුවතාවට සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලතල ලබාදීමේ කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට අනුමැතිය ලබාදී ඇති බව කී ජනාධිපතිවරයා විශ්විද්‍යාල පද්ධතිය තුළ සංඝයා වහන්සෛ් ක්‍රියාකරන ආකාරය  සම්බන්ධව ද ඊට ඇතුළත් විය යුතු බව අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

අපේ ශාසනයේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි පළමුව බලාපොරොත්තු වෙන්නේ ගිහි පැවිදි සියලුදෙනා ධර්මය අනුව ක්‍රියා කරනු ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපේ සංඝයා වහන්සේ ධර්මය අනුව ක්‍රියා නොකරනවිට ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. ඒක බුදුන්වහන්සේගේ සමයේ සිටම සිදුවන දෙයක්. දේවදත්ත සිවුරු දරාගෙන තමයි බුදුන්වහන්සේට එරෙහිව ක්‍රියා කළේ.

අපේ ශාසනික කටයුතුවලදී අවධානය යොමුකළයුතු ප්‍රශ්න ගණනාවක් අද තිබෙනවා. ඒකයි අපි පළමුවතාවට සංඝ විනය ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයට බලතල ලබාදීමේ කතිකාවතක් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතකට අනුමැතිය ලබාදී තිබෙන්නේ.

මේ සඳහා නීති සම්පාදක දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබීමෙන් පසු අපි එය මේ සභාවට ඉදිරිපත් කරනවා. මොකද යම් කිසි පාලනයක් තිබිය යුතුයි. අතීතයේ මේ රට පාලනය කළේ රජවරු. ඒ රජවරු මගින් තමයි ශාසනයේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදු වුණේ.

පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ ඇතැම් සංඝයාවහන්සේලාට මරණ දඬුවම නියම කළා. අපිට ඒවා කරන්න බැහැ. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් අපට බලයකුත් නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය යටතේ භික්ෂූන් වහන්සේ‍ලාගේ විනය පිළිබඳ සඳහන් වෙනවා.  සියම් නිකාය, අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය නමින් අපිට කතිකාවත් 03ක් තිබෙනවා. ශාසනික කටයුතුවලදී අවධානය යොමු කළ යුතු ප්‍රශ්න ගණනාවක් අද අපට තිබෙන නිසා මෙම කෙටුම්පත අවශ්‍ය වෙනවා.

මම දැක්කා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන එක් භික්ෂූන් වහන්සේ නමක් අපේ මල්වතු, අස්ගිරි මහානායකහිමිවරුන්ට බනිනවා, දොෂාරෝපණය කරනවා. කවුද මේ අය, භික්ෂූන් වහන්සේලාද, වෛතුල්‍යවාදීන්ද කියලා අපිට අහන්න වෙනවා.

සිවුරු දැරුවා කියලා ධර්මයට විරුද්ධව ක්‍රියා කරන්න එයින් විශේෂ ආරක්ෂාවක් ගන්න බැහැ. ඒ නිසා මේ පනත අවශ්‍යයි.  ඇතැම්විට මේ හැසිරීම තුළින් පැවිදි සමාජය තුළ තිබෙන ප්‍රශ්න ගිහි සමාජය තුළින් මතු කෙරෙනවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළයුතුයි.

අද භික්ෂුන් වහන්සේලා ලෙස විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුලත්වුණත් අවසන් වෙනකොට ඉන්නේ ගිහියන් විදියට. අපි පළමුවෙන්ම තීරණය කළයුතුයි භික්ෂුන් වහන්සේ‍ලා විදියට විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණොත්, භික්ෂුන් වහන්සේ ලෙසම උපාධිය ලබාගෙන ඉන් පිටවිය යුතු බව. ඒ ගැන මහානායක ස්වාමීන්වහන්සේලා සමග සාකච්ඡා කළ යුතුයි.

ඒවගේම විශ්වවිද්‍යාල තුළ හැසිරීම මේ කතිකාවන්ට සම්බන්ධ කළයුතුයි. මේ යන ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට පැවතුනොත් අපේ ශාසනය නැති වෙනවා. ඒකයි මම විශේෂයෙන්ම අද මේ ගැන කතා කළේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව බණමඩුවක් වෙයි… රනිල් සජිත්ට පරාභව සූත්‍රයෙන් බණ කියයි!

Next Post

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ප්‍රකාරව කංසා වවනවා… ගංජා වගාව නීතිගත කරන අයුරු ආයුර්වේද රාජ්‍ය ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.