-
පත් කලේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කරලා ලු
-
අගතියට පත් වුණු එස්.එස්.පී කෙනෙකුට මිලිය 5ක වන්දියක් ඕනලු
-
වන්දි ඉල්ලන අය අරත රුවන් ගුණසේකර හා ජාලිය සේනාරත්න පොලිස් නීතිඥවරුත්….
මෙරට මුල්ම කාන්තා නියෝජ්‍ය පොලිස්පති වූ බිම්ෂානි ජාසිංආරච්චි ගේ තනතුර ලබා දීමට වැඩ බලන පොලිස්පතිවරයා නිර්දේශ කර ඇත්තේ මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් බවත්, ඉන් තමන්ට අගතියක් සිදු වූ බවත් කියමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර, ජාලිය සේනාරත්න ඇතුළු පොලිස් අධිකාරී වරුන් 14 දෙනෙක් කෝටි 07ක වන්දියක් ඉල්ලා පොලිස්පතිවරයා වෙත එන්තරවාසියක් යවා තිබේ.
අගතියට පත් එක් නිලධාරියෙකුට මිලියන 05 බැගින් 14 දෙනා වෙත එම මුදල ලබා දෙන ලෙස එම එන්තරවාසිය මගින් පොලිස්පතිවරයාට වැඩි දුරටත් දන්වා ඇත.
මෙතෙක් නිල ධුරාවලියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරක් නොතිබුණු බවත්, පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර ජාතික පොලිස් කොමිසම විසින මෙම පත්කිරීම කර ඇත්තේ සම්මත පටිපාටිය උල්ලංඝණය කරමින බවත් මෙම ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරු 14 දෙනා ප්‍රකාශ කර තිබේ.
මීට ප්‍රතිචාර දක්වන වැඩබලන පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසමට දන්වා ඇත්තේ ආයතන සංග්‍රහයට අනුව ආයතනයේ ප්‍රධානියාට එරෙහි නඩු කටයුත්තක දී අදාල අමාත්‍යංශයේ ලේකම්වරයාව දැනුවත් කර අනුමැතිය ගත යුතු වුවත් මෙම එන්තරවාසිය තමන් වෙත එවා ඇත්තේ ලේකම් වරයාගෙන් ලබාගත් එවැනි අනුමැතියකින් තොරව නිසා මෙම නිලධාරීන්ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් කරන ලෙසය.
මෙම නඩු කටයුත්ත සඳහා සූදානම්වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් අතර ජාලිය සේනාරත්න, රුවන් ගුණසේකර වැනි නීතිඥවරුන් සිටීමට ද විශේෂත්වයකි.
කෙසේ වෙතත් පසුගිය 08 දා බ්‍රහස්පතින්දා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ගන්නා ලද තීරණයකට ලංකාවේ මුල්ම නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් බිම්ෂානි ජාසිංආරච්චි සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරයි.