සූරියවැව නුවන් ජයසේකර –
වසර 25කට පෙර මඩකලපුවේ ගෝවින්දන් පාරේ පිහිටි ඊරෝස් පක්ෂ කාර්යාලයට ඇතුළු වී බෝම්බ ගසා, කඩු වලින් කපා කොටා වයස අවුරුදු 03 දරුවෙකු හා තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ වරදට වරද කරු වු පොලිස් සැරයන් වරයෙකුට හා තවත් පුද්ගලයෙකුට මඩකළපුව මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්.අබ්දුල්ලා එක් චුදිතයෙකුට මරණ දඩුවම් දෙක බැගින් හා වසර 32ක බරපතළ වැඩ සහිත සිර දඩවමක්ද ඊයේ (29) සවස නියම කළේය.
මෙලෙස මරණීය දණ්ඩණය හා සිර දඩුවම් මෙන්ම දඩ නියම වුයේ එවකට පොලිස් සැරයන්වරයෙකු ලෙස කටයුතු කල සමිල රාජේන්ද්‍රම් හා ඊරෝස් පක්ෂ සාමාජිකයෙකු වු විවේක මූර්ති නැමති චුදිතයින් දෙදෙනාටය.
1997 වසරේ මඩකලපුව ගෝවින්දන් පාරේ පිහිටි ඊරෝස් පක්ෂ කාර්යාලයේදී ආධාර කරුවෙකු හා පක්ෂයේ මහලේකම් වු ප්රභාකරන් නැමති අය සමග ආරවුලක් ඇතිව තිබේ. එම ආරවුල දුරදිගගොස් 1997.07.17 දින අළුයම චුදිතයින් දෙදෙනා විසින් පක්ෂ කාර්යාලටය ඇතුළු වී පක්ෂයේ මහ ලේකම් වු ප්රභාකරන්ට පහරදීමක් සිදුකර තිබේ.
එම අවස්ථාවේදී පක්ෂ මහලේකම් වරයා හා චුදිතයින් අතර පොර බැදීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ කාර්යාලයේ නිදාගෙන සිටි පක්ෂ මහලේකම් ප්රභාකරන්ගේ බිරිද හා තවත් සාමාජිකයින් තිදෙනෙකු මෙම ගැටුම බේරීමට උත්සාහ දරා තිබේ.
එහිදි චුදිතයින් දෙදෙනා විසින් කාර්යාලය තුළ නිදාගෙන සිටි පක්ෂයේ මහ ලේකම් වු ප්රභාකරන්ගේ 03 හැවිරිදි පුතු නිදා සිටි ඇඳට බෝම්බයකින් දමා ගසා තිබේ. ඉන් ප්රභාකරන්ගේ 03 හැවිරිදි ක්‍රේමන් ක්‍රිෂාන් නැමති දරුවා හා කාර්යාලයේ රැදි සිටි පක්ෂ සාමාජිකයෙකු වු 31 හැවිරිදි චන්ද්‍ර කුමාර් නැමති දෙදෙනා ජීවිතක්ෂයට පත්වීය.
බෝම්භ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුවද චුදිතයින් දෙදෙනා ප්රභාකරන්ට හා ඔහුගේ බිරිදට හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට කඩුවකින් පහරදි මරණීය තුවාල සිදුකර තිබේ. එම පහරදීමෙන් ප්රභාකරන් හා ඔහුගේ බිරිද බරපතළ තුවාල ලැබූ අතර යෝගනාදන් නැමති පුද්ගලයාට එක් අතක්ද, කුරිරාජ් සිවාම් නැමති අයට අත් දෙකමද අහිමි වීය.
සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය විසින් චුදිතයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව චුදිතයින් දෙදෙනාට එරෙහිව නිතිපති වරයා විසින් 2007 වසරේදී මඩකළපුව මහාධිකරණය හමුවේ අධි චෝදනා 06ක් යටතේ නඩු පවරා තිබුණි.
ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිතිපති වරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වු රජයේ අධිනීතීඥ, ආචාර්ය ශෙහාන් මුස්තාපා අදාල චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් විය.
ඒ අනුව ඉදිරිපත් වු සාක්ෂි සළකා බැලූ මඩකළපුව මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්.අබ්දුල්ලා චුදිතයින්ට පහත පරිදි මරණීය දඩුවම නියම කෙරුණි.
චුදිතයින්ට එරෙහි නගා තිබු 01 හා 02 චෝදනා වුයේ මිනි මැරීමේ වරදය.ඒ අනුව චුදිතයින් දෙදෙනාටම මරණ දඩුවම් දෙක බැගින් මහාධිකරණ විනිසුරු වරයා නියම කෙරුණි.
පළමු චෝදනාවටද චුදිතයින්ට මරණීය දණ්ඩණය නියම කල අතර දෙවන චෝදනාවටද චුදිතයින්ට මරණීය දණ්ඩනය නියම කෙරුණි.
මිට අමතරව 3,4 හා 5 යන චෝදනා සදහා එක් චුදිතයෙකුට වසර 10 බැගින් වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
ඊට අමතරව එම චෝදනා සදහා රුපියල් 5000 බැගින් රුපියල් 15000ක දඩයක්ද නියම කෙරුණු අතර චුදිතයින් එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 03 බැගින් මාස 09ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
ඉහත දඩුවම් වලට අමතරව 06 වන චෝදනාවටද චුදිතයින් දෙදෙනා සදහා වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර එය වසර 10ක කාලයක් සදහා අත්හිටවන ලදි.
චුදිතයින් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කිරිම හේතුවෙන් චුදිතයින් දෙදෙනා ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් නියම කරන දිනක දී ස්ථානයකදි හා වේලාවකදි එල්ලා මරණයට පත් කරනතෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට බන්ධනාගාර අධිකාරී වරයාට නියම කළේය.
නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ,ආචාර්ය ශෙහාන් මුස්තාපා පැමිණිල්ල මෙහෙයවන ලදි.







