කීර්ති ප්‍රනාන්දු –
කෑගල්ල හන්තානගොඩ ප්‍රදේශයේදී අද අළුයම නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන්ව සිටි පිය පුතු දෙපළ ගේ සිරුරු අද දහවල් සොයාගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලැබූ 68 හැවිරිදි මව ගේ තත්ත්වය බරපතළ බව ද ඇය තවමත් කෑගල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවත් පොලිසිය කියයි.
පස් කන්ද කඩා වැටීමෙන් පසු යුද හමුදාව පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව එම පස් කන්දට යට වූ පිය පුතු දෙපළ මුදවා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කළ අතර අද දහවල් එම දෙපලගේ මෘත ශරීර පස් කන්දට යට ව තිබියදී සොයා ගත් බව පොලිසිය පැවසීය .
පියාගේ සහ පුතාගේ මෘතශරීර පොලීසිය හා යුද හමුදාව ප්‍රදේශවාසීන් හා එක්ව ගොඩගත් අවස්ථාව මෙහි දැක්වේ.







