ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඒ සම්බන්ධයෙන් පත් කළ අමාත්‍ය කමිටුව විසින් කරන ලද නිර්දේශවලට අනුව සිදුවිය යුතු වැටුප් වර්ධක සියල්ල ඊළඟ අයවැයෙන් ලබා දෙන බවට ගුරු සංගම් නියෝජිතයන්ට අද රජය පොරොන්දු වී ඇත.
අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදී අදාළ වැටුප් වර්ධක සියල්ල එකවර ඊළඟ අයවැයෙන් ලබා දීමට කටයුතු කරන බවට ගුරු සංගම් වෙත පොරොන්දුවක් ලබා දී ඇති බව ගුරු වෘත්තිය සමිති ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මෙම වැටුප් වර්ධක අදියර කිහිපයක් යටතේ ලබා දිමට කලින් යෝජනා වී තිබූ අතර ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති එම යෝජනා ප්‍රතික්ෂේප කරමින් අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වූහ.
කෙසේ වුවද රජය විසින් ඉදිරිපත් කරන ලද මෙම යොජනාව සම්බන්ධයෙන් ගුරු සංගම් සිය ස්ථාවරය හෙට දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර ඒ අනුව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව හෙට දිනයේ දී දැනුම් දීමට නියමිත බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
අග්‍රාමාක්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු කණ්ඩායමක් රජයේ පාරශ්වයෙන් මෙම සාකචඡාවට පැමිණ ඇති අතර ගුරු සහ විදුහල්පති සංගම් නියොජිතයන්ද මෙම සාකච්ඡාවට පැමිණ තිබේ.