අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන කන්නයෙදි හාල් කිලෝවක් රුපියල් 300ක් වත් වේවි… තමන්ට කන්න හරි ලැබෙන පෝරකින් වගා කරන්න…….

රසායනික පොහොර ඉල්ලා ගොවි උද්ඝෝෂණ පෙළ ගැස්වූ දිඹුලාගල රාහුලාලංකාර හිමියන් අන්තිමට කී කතාව....

by editor
නොවැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

රජය මගින් ලබාදෙන කුමන පොහොරක්  යටතේ හෝ  පාඩු ලාභ සිදුවූවත්, තමන්ගේ පරිභෝජනයටවත් මෙවර මහ කන්නයේ වී වගා කටයුතු සිදු කිරීමට මූලික වැඩ කටයුතු  සිදුකර ගන්නා ලෙස, ගොවීන්ගේ අයිතින් දිනා  ගැනීමට නායකත්වය ගත්  හිමිනමක් ලෙස පොළොන්නරුව ඇතුළු වී වගා කරන අනිකුත් දිස්ත්‍රික්කවල ගොවිජන ජනතාවගෙන් ඉල්ලා සිටින බව  පුලතිසි ගොවි වෙළඳ පාරිභෝගික සංවිධානයේ  ප්‍රධාන අනුශාසක, දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවැසූහ.

වැලිකන්ද ශ්‍රී  සුදර්ශනාරාම විහාරස්ථානයේ දී  අද ( 10 )  පෙරවරුවේ   මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින්  රාහුලාලංකාර නාහිමියෝ ඒ බව සඳහන් කළහ.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එම සංගමයේ කැදවුම්කරු එච්.එම්.එස්.කේ.නිශ්ශංක,   ඇතුළු එම  සංගමයේ සාමාජිකයෝ රැසක් එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ   දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල  රාහුලාලංකාර නාහිමියෝ මෙලෙස ද පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ අපි පහුගිය දවස්වල පොළොන්නරුවේ ගොවීන් සමග එකතුවෙලා රසායනික  පොහොර  වී වගාව සඳහා ලබා දෙන ලෙසට බල කරමින් රජයට විරුද්ධව උද්ඝෝෂණය කළා. ඇලහැර සහ   මොරගහකන්ද ගොවිජන ව්‍යාපාරවල ගොවීන් එකතුවෙලා දින දහයක්  අඛණ්ඩ   උපවාසයකුත් කළා. ගොවීන් එකතුවෙලා රට හැම තැනම අරගල ක්‍රියාත්මක කළා.“

“නමුත් රජය ඇහුම්කන් දුන් නෑ.  රසායනික පොහොර ලැබෙන පාටකුත් නෑ. ඉතින් මම සමස්ත ගොවි ජනතාවගේ ඉල්ලීමක් කරනවා අපේ දරුවන් බඩගින්නෙ තියනන් නැතුව අඩුම තරමේ  තමන්ගේ කෑමට හෝ පුළුවන් විදිහෙන් ලබාදෙන පොහොර වලින් වී ටිකක් වගා කරන්න කියලා.“

“එහෙම නොවුණොත් අපිට  ලබන කන්නය වෙනකොට  හාල් කිලෝ එකක් රුපියල් තුන් හාර  සීයට ගන්න සිද්ධ වේවි. ඒ නිසා තමන්ට පුළුවන් ආකාරයෙන් තමන්ගේ කුඹුරේ වී ටිකක්   වපුරා ගන්න කියලා මම පොලොන්නරුවේ    ගොවී  ජනතාවගෙන් වගේම අනිකුත්  දිස්ත්‍රික්ක වල වී වගා කරන ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා . අපි ඇලහැර ගොවි උද්ඝෝෂණය  නතර කළේ  වපුරන කාලයේ දී හෝ රජය රසායනික පෝර ටිකක් ලබාදෙයි කියන විශ්වාසයෙන්.“

අ“ඩුම තරමේ 50% කෝ රසායනික පෝර ලබාදීලා ගොවියා වී වගා කිරීමට පෙලඹූවුවහොත් සහල් වී හිඟයට වගේම සාගතයෙන් බේරෙන්න පුළුවන්. එහෙම නොමැතිව ගොවියා මේ මහා කන්නයේ වී වගාවෙන් ඉවත් වුණහොත් අපේ රටේ මිනිස්සුන්ට එක බත් වේලක් කන්න වේවි. මම මේ ගොවි උද්ඝෝෂණ වලට උපවාසවලට
මැදිහත් වුණේ ගොවීන් නිසා  තමයි අපිට දාන වේලක් ලැබෙන්නේ. පන්සල් දියුණු වෙන්නේ. ඒ නිසා අපේ . වගකීමක් යුතුකමක් වෙනවා මේ  මොහොතේ ගොවීන්   දිරි ගන්වලා වගාවට යොමු කරවන්න.“

“රජය කියනවා ලබා දෙන කාබනික පොහොර වලින් වී වගා කරලා ගොවියාට පාඩු විඳින්න සිදුවුණොත් ඒ වෙනුවෙන් වන්දි ගෙවනවා කියලා. අපිට ඒවා විශ්වාස කරන්න බෑ. නමුත් එහෙම නොවුණොත් අපි දිවි පරදුවට තබලා ගොවියා වෙනුවෙන් ඒ වන්දි ලබා ගන්නත් මීට් වඩා ශක්තිමත්ව උපවාස උද්ඝෝෂණ අරගලවලට   සම්බන්ධ වෙනවා කියලා මම රජයට මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඒ නිසා අහසින් වර්ෂාවක් ලැබෙන මොහොතේ. ලබාදෙන පොහොර වලින් වී වගා කටයුතු ආරම්භ කරන්න කියලා මම නැවත නැවතත් සමස්ත ගොවි ජනතාව ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ නව කුලපතිට එරෙහිව වෛද්‍ය විද්‍යා පීඨ ආචාර්යවරු අවි අමෝරති

Next Post

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට අගමැතිගෙන් විසඳුමක්… වෘත්තීය සමිති ස්ථාවරය හෙට !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.