දිනසේන රතුගමගේ –
-
දුරකථනයත් විසන්ධි කරලා… දින ගණනක් සේවයට වාර්තා කර නෑ… පාලන අධිකාරියට නොදන්වා සේවයෙන් ඉවත් වී ඇති බවට රෝහල් තොරතුරු පවසයි…
මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කීපයක සිට අතුරුදහන්ව ඇති බව රෝහලේ පාලන අධිකාරිය සදහන් කරයි.
ඔහු දින කීපයක සිට සේවයට වාර්තා කොට නොමැති අතර ඔහුගේ දුරකතනයද විසන්ධි කොට අති බව වාර්තාවේ.
මන්නාරම රෝහලේ සෙසු වෛද්‍යවරුන් ප්‍රකාශ කරන්නේ ඔහු පාලන අධිකාරියට නොදන්වා සේවයෙන් ඉවත්ව ගොස් ඇති බවට සාධක හමු වී ඇති නමුත් ඔහු ඒ බව පාලන අධිකාරියට දැනුම් දී නොමැති බවයි.
ඒ බව සනාථ කෙරෙන දුරකතන කෙටි පණිවුඩයක් එම විශේෂඥ වෛද්‍යවරයා විසින් මිතුරෙකුට යවා ඇති බවටද තොරතුරු හෙළි වී තිබේ.
කෙසේ වෙතත් මන්නාරම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා නොමැතිකම නිසාත් ඔහු වෙනුවට කෙනෙකු හදිසියේ පත් කිරීමට නොහැකිකම නිසාත් ළමා වාට්ටුවේ සියලු කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති තත්ත්වයක් උද්ගත වී තිබේ.
මේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ගැබිනි මව්වරුන් හා අලුත උපන් ළදරුවන් ද දරුවන් ද වවුනියාව මහ රෝහලට මාරුකොට යැවීමට පියවර ගෙන තිබේ.
මේ තත්ත්වය ප්‍රායෝගිකව දැඩි අසීරු කරුණක් වී ඇති බැවින් අලුතින් වෛද්‍යවරයෙකු පත් කරණ තුරු වවුනියාව මහ රෝහලෙන් හෝ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය මන්නාරම රෝහලට ලබා දෙන ලෙස මන්නාරම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා ඉල්ලීමක් කොට තිබේ.







