බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතියේ ආධිපත්‍ය තහවුර වෙයි… ජනපති නිවස අසල උද්ඝෝෂණයේ දී සැක පිට අත්අඩංගුවට ගත් 48කට ඇප…

by editor
අප්‍රේල් 1, 2022 - Updated on අප්‍රේල් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීම සඳහා කිසිදු පක්ෂ භේදයකින් තොරව අද අලුයම සිට කිසිදු අයකිරීමකින් තොරව ස්වේච්ඡාවෙන්   ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥවරුන් ඇතුළු පන්සියයට අධික නීතිඥ පිරිසකගේ තීරණාත්මක නෛතික මැදිහත්වීමකින් ගොඩ නැගූ නෛතික පදනම මත පිහිට    මිරිහාන ජනාධිපති නිවස අසල උද්ඝෝෂණයේ දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 54 දෙනාගෙන් 48 දෙනෙක්   පුද්ගල ඇප මත නිදහස් කරගැනීමට  නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වෙලාවකට පෙර නියෝග කළේය.

හය දෛන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කර තිබුණත් එම පෙරට්ටුව පවත්වීමට නොහැකි වීම නිසා ඔවුන්ට ඇප ලබා ගත නොහැකි වූ බව ද නීතිඥවරු කීහ.

මෙහිදී නීතිඥවරුන් පෙන්වා දුන්නේ දින තුනක් හෝ මේ පිරිස බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබියදී පොලිසිය විසින් පොදු දේපල පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිය දී ගොඩ නැගූ නෛතික කරුණු මත පදනම් සැකකරුවන් වෙත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළ බව නීතිඥවරු පැහැදිලි කළහ.

“සියලුම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥමහත්වරු තර්ක කළේ එක් පදනමක් මත ඉඳගෙන. පොලිසියේ බී වාර්තාවේ අඩංගු වෙන්නෙ නෑ මේ එක් එක් සැකකරුවන් කළ වරද මොකක් ද කියලා.  ඔවුන්ට එරෙහිව  සාක්ෂි සම්පින්ඩනයක් නෑ. ජනාධිපති නීතිඥවරු තර්ක කළේ  මේ සැකකරුවන් කළ වරද  ගැන සාක්ෂා සාක්ෂි නෑ කියන කාරණාව.  ඒ පදනම මත ඉඳන් විනිශ්ඡිත නඩු ගෙනහැර දක්වමින් සියලුම ජනාධිපති නීතිඥවරු පෙන්වා සිටියේ නඩුකාර තුමා රබර් මුද්‍රාවක් නොවන බවත් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 115වනි වගන්තිය යටතේ පොලිසිය   සාක්ෂිවල සම්පිණ්ඩනයක් දක්වන්න ඕන. එසේ කර නැති නිසා සුවිශේෂී කරුණක් ලෙස සලකලා ගරු මහේස්ත්‍රාත්තුමා විසින් සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවා.“ නීතිඥවරු කීහ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

දින තුනකට හෝ බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම කළ පටු ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවද නීතිඥවරු කීහ.

“අද විශේෂ දිනයක්.  නීතිඥ සංගමය නීතිඥ ප්‍රජාව පන්සියයක් පමණ එක් වී මේ කැපකිරීම කළේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරමේ අරමුණිනින්. නීතිඥවරු ස්වාධීනව අද දින පැමිණියේ පක්ෂ භේදයකින් තොරව. කිසිදු ගාස්තුවක් නැතිව සංවිධානයකින් තොරව.    උදේ ඉඳන් මිරිහාන පොලිසියෙ රැඳී සිටිමින් ඇප ලබා දෙන තෙක් විශාල සහයෝගයක් ඔවුන් ලබා දුන්නා.

“සාධාරණ ජනතා  උද්ඝෝෂණයට බැටන් පහර දීලා, කඳුලු ගෑස් ගහලා, ගෙවල්වලට ගිහින් අත්අඩංගුවට ගෙන පරහරදීල අද උසාවියෙ පොදු දේපල පනත යටතේ ලක්ෂ තුන්සීයකට අධික හානියක් සිදුකළා කියලා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නඩු දැම්මෙ.“

“සාමාන්‍යයෙන් මහේසත්‍රාත්වරයෙකුට පොදු දේපල වැරදි යටතේ එක් වරම ඇප දෙන්න බෑ. පොදු දේපල පනත යටතේ ඇප දෙනවා නම් සුවිශේෂී කරුණු තියෙන්න ඕන.“

“ගරු මහේස්ත්‍රාත්තුමා ඉතා සමාකාමීව දෙපැත්තටම ඇහුම්කන් දීලා ඉතා සූක්ෂමව සලකා බලලා සැකකරුවන් ඉදිරිපත් කරලා තියන කරුණු අනුව මේ සැකකරුවන් විස්තර කරන අපරාධය කළ බවට කරුණු නැති නිසා හුදු වාර්තාවක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට අධිකරණය ලවා උත්සාහ දැරීම ප්‍රතික්ෂේප කරමින්  ඇප ලබා දුන්නා. “

“එය ඉතාම අගයකරනවා.   හැම තිස්සෙම අපි තේරුම් ගන්න ඕන ව්‍යවස්ථාව හා විධායකය ජනතා අයිතිවාසිකම් නැති කළා. යන්තම් හරි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකිලා තියෙන්නෙ අධිකරණය තුළ තමයි. ඒක අද හොඳටම ඔප්පු වුනා.“ නීතිඥවරු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

රැස්ව සිටි ජනතාව ගේ අත්පොලසන් මැද ප්‍රහර්ශමත් ප්‍රීතිඝෝෂා මැද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නීතිඥවරු පිටව ගියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා ගල් ගහන වීඩියෝ පොලිස් ඇමති ලඟ තියනවලු…

Next Post

ජනපති රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.