ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පුරා අප්‍රියෙල් 01 වැනිදා සිට සිට මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. මේ සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රි නිකුත් කොට ඇත.
ශ්‍රි ලංකාවේ මහජන හදිසි තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන රටේ යහපැවැත්ම මහජන අරක්ෂාව සහ මහජන ජීවිතයට අවශ්‍ය අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාමේ අරමුනින් මහජන ආරක්ෂක ආඥා පනත යටතේ මෙසේ මහජන හදිසි තත්ත්වයක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.