ඊයේ ජනාධිපති නිවස අසල පැවති උද්ඝෝෂණය සම්බන්ධ සිද්ධියේ දී සැක පිට අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියේ ඊයේ රාත්‍රිය පුරාමත් අද සවස් වනතුරුත් රඳවාගෙන සිටි සැකකරුවන් අතර සිටි ධරුණු පහර කෑමට ලක් වූ තරුණයින් පිරිසක් අද සවස අධිකරණය වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර කළුබෝවිල රෝහලට ඇතුළත් කළේය.
මෙසේ දරුණු ලෙස පහර දී මිරිහාන පොලිසියේ රඳවාගෙන සිටි පිරිස අතර මාධ්‍යවේදියෙක් වූ සුමේධ සංජීව ද සිටියේය. මාධ්‍ය ආවරණයක් සඳහා පැමිණි ඔහුට දැඩි ලෙස පහර දී තිබිණි. අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට රැගෙන යන අවස්ථාවේ දී ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.
විශේෂත්වය වන්නේ මේ මාධ්‍යවෙදියාට පහර දීම සම්බන්ධව පොලිසිය භාර ඇමති සරත් වීරසේකරගෙන් කළ විමසුමක දී ඔහු කීවේ අත්අඩංගුවට ගත් මේ මාධ්‍යවේදියා ගල් වලින් පහර දෙන වීඩියෝ දර්ශන ඇති බවය.
එහෙත් අද පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී මෙම මාධ්‍යවේදියාට පහර දුන්නේ සිද්ධිය වෙන ස්ථානයේ ගල් ප්‍රහාරවලින් බේරීම සඳහා ඊට නුදුරින් ආවරණයක සිටිය දී
ජනමාධ්‍යවේදියෙක් බව කියමින් තම හැඳුනුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී බව සිද්ධිය ඇසින් දුටු මාධ්‍යවේදියෙක් ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කීවේය. එවිට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ මාධ්‍ය හැඳුනුම්පතක් සහිත පුද්ගලයෙකුට පමණක් නොව, කැමරාවක් අත තබාගෙන සිටින අයෙකුටවත් පහර දීමට පොලිසියට උපදෙස් දී නැති බවය.