ලොව පුරා නීති විරෝධීව මසුන් ඇල්ලීම් සහ නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැරව ධීවර කර්මාන්තයේ යෙදීම් ඉහළින්ම සිදුකරන රට බවට චීනය පත්ව තිබේ.
ඉන්වෙස්ටිගේටුව් ජර්නලිසම් රිපෝටිකා විසින් සකස් කළ වර්තාවට අනුව චීනයේ ධීවර කර්මාන්තයට අදාල කටයුතු වලින් සියයට හැටක්ම නීති විරෝධී සහ නිසි ක්‍රමවේදයන්ගෙන් බැහැර සිදුකරන බවට අනාවරණය වි තිබේ.
එම වාර්තාවට අනුව චීනය සිය ඔත්තු බැලීම් කටයුතු වලට සහ ගුවන් සීමා උල්ලංඝණයට බැලුන් යොදා ගන්නා ආකාරයමට චීන ධීවර යාත්‍රාද මුහුදු සීමා උල්ලංඝනය කරමින් ජාත්‍යන්තර නීති වලට පටහැනිව කටයුතු කරන බවත් එහිදී ඇතැම් විට ඔත්තු බැලීමේ කටයුතු වල පවා නිතර වන බවට තොරතුරු වාර්තා වී ඇත.
චීනය විසින් සිය බහුදින යාත්‍රා සෑම සාගර කලාපයකම පවා යොදාවා ඇති අතර එය අදාල රාජ්‍යන්ගේ දේශීය නීති රීත් උල්ලංඝනය කිරීමක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සම්මුතීන් පවා උල්ලංඝණය කිරීම් කරමින් සිටින බවටද අනාවරණය වේ.
මේ අතර චීනය විසින් සිදුකරනු ලබන නීති විරෝදී ධීවර කටයුකු වලින් දැඩි පාරිසරික හානයක් සිදුවන අතර එහිදී දැනටමත් වඳවීයාමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ව විශේෂ රැසකට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි.
ඒ් අනුව චීනය ධීවර කටයුතු ගෝලීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරනු ලබන අතර එයින් අනාගත පරම්පරාවටද දැඩි අභියෝග වලට මුහුණ දීමට සිදුවනු ඇත.







