බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිසාන් ලීෆ් විදුලි කාරයට තලන අපේ මිනිස්සු

by Lanka Sara Editor
දෙසැම්බර් 23, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter
  • තවමත් නොවිසඳුණු විදුලි කාර් එකේ බැටරි අර්බුදය
  • ලීෆ් කාර් එකෙන් ලක්ෂ 15කට හයිබ්‍රඩ් කාර් හදන සෙල්ලම

ලංකා විදුලි රථ සමාජය හෙළිකරයි

 

ඩොලර් අර්බුදය නිසා මෙරට තුළ වාහන ආනයනය සීමා කර වසර දෙකක් පමණ ගතවී තිබේ. වාහන සේල් කෙහෙල් කැන් විකුණන තත්ත්වයට පත්ව තිබේ.ඒ අතරේ වාහනයක් තමන්ගේ කර ගැනීමේ සිහිනයේ පසුවන අය ඉකි බිඳිමින් සිටිති. මේ සියල්ල මැද පසුගියදා රජය නිවේදනය කළේ ඉදිරියේදී විදුලි මෝටර් රථ ආනයනය එනම් ඉලෙක්ට්‍රික් කාර් ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන කතාවකි. ඇත්තටම මේ වනවිට බටහිර රටවල් ගණනාවක් තමන්ගේ ඉදිරි ප්‍රවාහන සැලසුම් කාබනික ඉන්ධනවලින් විදුලිය වෙත හරවා අවසන්ය. මේ හැරවූ සැලසුම් දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ වෙනුවෙන් වාහන යාවත්කාලීන වෙමින් තිබේ

ඉස්සර කිලෝමීටර 150ක් 200ක් ගිය තැන යළි විනාඩි ගණනාවක් යළ අරෝපණය කරන්නට වූ ඉලෙක්ට්‍රික් මෝටර් රථ දැන් එක ආරෝපණ වාරයකින් කිලෝමීටර තුන් හාරසීයක් යන්නට හැකි වන පරිද්දෙන් තාක්ෂණික ව දියුණු වෙමින් පවතී. ඉන්ධන හල් වාහන ආරෝපණ මධ්‍යස්ථාන බවට පත් වෙමින් තිබේ. එහෙව් ලෝකයේ ශ්‍රි ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර් යන්නේ කොහාටද?

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මේ ගැන කතා කරන්නේ විදුලි මෝටර් රථ සමාජයයි. එය මෙම වාහන හිමිකරුවන්. වාහන ආශ්‍රිත කර්මාන්ත කරුවන් එක්ව පිහිටුවා ගත් සංවිධානයකි.

ඔවුන් ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් විදුලි මෝටර් රථ ගැන කතා කරන රටක එයට හිමි තැන පිළිබඳව බලධාරීන්ට ඇස් අරවන මාධ්‍ය හමුවක් සංවිධානය කළේය. ඔවුන් කියන පරිදි අද විදුලි කාර් ප්‍රවර්ධනය වෙනුවට සිදුවන්නේ එය සුසානයක වළ දැමීම වැනි කටයුත්තකි. ශ්‍රි ලංකාවේ වගේම ලෝකයේ බහුලවම අලෙවි වන විදුලි මෝටර් රථය වන්නේ නිසාන් සමාගම නිපදවන ලද ලීෆ් රථයයි. විදුලි වාහන මෙරටට ගෙන්වා වසර 6ක් පමණ ගතවී ඇති අතර මේ වනවිටත් රටතුළ ඇත්තේ වාහන 5500ක් පමණ ය. ඉන් 4700ක් ම ලොව පුරා ප්‍රචලිත නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයි. මේ දිනවල විදුලි වාහන අයිතිකරුවන් අලුත් ජාවාරමකට හසුව සිටී. දැනටත් ඊට ගොදුරු වු අය බොහෝය.

මේ වනවිට නිසාන් ලීෆ් මෝටර් රථ ගෙන්වූ බොහෝ දෙනකු මුහුණ දෙන ලොකුම ගැටලුව වන්නේ එහි බැටරිය ක්ෂීණ වීමෙන් පසු යළි බැටරියක් ලබා ගැනීමය. මේ පිළිබඳව විදුලි මෝටර් රථ සමාජයේ සභාපති මහිසංක අබේවික්‍රම පවසන්නේ මෙවැනි කතාවකි. “ශ්‍රි ලංකාවේ පවතින නිසාන් ලීෆ් මෝටර් රථ බැලුවාම ඒවා මිලදී ගත්ත අයට තිබෙන ලොකුම අභියෝගය තමයි මේවාට අවශ්‍ය බැටරි ලබා ගැනීම.නිසාන් සමාගම අපට බැටරි සපයන්නේ නෑ. ඒ අය මේ රටේ නිසාන් ලීෆ් විකුණන්නේ නෑ.ඔවුන්ගේ බැටරියක් සාමාන්‍යෙයන් ඩොලර් 12,000ක් විතර වෙනවා. එය වාහනයෙන් අඩක් වගේ මිලක්. නමුත් අපට මේ බැටරි පාවිච්චි කළ ඒවා. ජපානය, නවසීලන්තය වැනි රටවලින් සාපෙක්ෂව දැරිය හැකි මිලකට ගෙන්විය හැකියි. මෙම බැටරි සාමාන්‍ය යෙන් අවුරුදු 5ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ පරිසර අමාත්‍යංශය දැනට තහනම් කර ඇති ආනයනික ද්‍රව්‍ය අතරත් මෙම බැටරිය පැවතීමයි. මේ තහනම් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස අපි පරිසර අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරා. නමුත් තවම විසඳුමක් නෑ. ඔවුහු බැටරිය පිළිබඳව පළමු අභියෝගය ගැන එසේ පවසති.

නිසාන් ලීෆ් හිමියන් මුහුණ දෙන දෙවන අභියෝගය ලෙස මහිසංක පැහැදිළි කරන්නේ මෙසේය. ක්ෂීණ වන බැටරිය රිසෙට් කර හෝ එහි මොඩියුල මාරුකර අලුත්වැඩියා කර දෙන පිරිසක් මේ රටේ ඉන්නවා . ඔවුන්ගෙන් ඇතැමකු අමාරුවේ වැටුණු ලිෆ් රථ හිමියන් සූරා කන තත්ත්වයට පත්වෙලා.සමහරු බොරු කරනවා අලුත්වැඩියා කර දෙන මුවාවෙන් බැටරිය අරන් එහි සුළු අලුත්වැඩියාවක් කර ලක්ෂ ගණන් ගන්නවා. ඇතැම් අය රුපියල් ලක්ෂ හතර හමාරක් විතර මේ ජවාරම්කාරයින්ට දීලා. අප මේ වෙලාවේ ලීෆ් රථ හිමියන්ට කියන්නේ මෙම ජාවාරම්කාරයින්ට හසු වන්නට එපා කියල.

ලීෆ් රථ සම්බන්ධ අලුත්ම සෙල්ලම ලෙස ශ්‍රි ලංකා විදුලි රථ සමාජය දකින්නේ මෙම විදුලි මෝටර් රථවලට හයිබ්‍රිඩ් එන්ජින් සවි කිරීමය. මෙය කිසිදු ප්‍රමිතියක් නැති වාහනයේ මූලාකෘතියට පරස්පර වූ ක්‍රියාදාමයකි. ඔවුන්ට අනුව මෙහිදි සිදුවන්නේ ටොයොටා ඇක්වා හෝ ඇක්සියෝ වාහනවල එන්ජිම හයිබ්‍රිඩ් බැටරිය ඇතුළු පද්ධතිය මෙම වාහනයට සවි කිරීමයි. මෙම සවි කිරීම්වලින් වාහනයේ සමතුලිතතාව වෙනස් වෙනවා. අනතුරු දායක තත්ත්වයක් නිර්මාණය වෙනවා. සමහරු ලක්ෂ හයකට හතකට මෙම වාහන මිලදී අරන් මෙම පද්ධති තවත් ලක්ෂ හතක් හත හමාරක් වැය කරන බව කියනවා ඒ අනුව ඔවුන් ලක්ෂ 15කට හයිබ්‍රිඩ් රථයක් ලබා දෙන බව කියනවා. මෙය තාක්ෂණිකව නිවැරදි පිළිවෙතක් නොවන බව අප මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාටත් කරුණු ඉදිරිපත් කළා.

මේ අපේ රටේ විදුලි රථ භාවිත කර්නන් දැනට අත් විඳින පළමු පෙළේ දුස්කරතාවන්ය. මීට අමමතරව තවත් ප්‍රතිපත්තිමය කරුණු සම්බන්දයෙන් පවතින දෝස රැසක් ඇත. එවැනි පසුබිමක් තුළ ශ්‍රි ලකා විදුලි රථ සමාජය පවසන්නේ හෝසෙට විදුලි කාර් මෙරටට ගෙන්වීමට බදු සහන හෝ අවසර ලබා දීමෙන් පමණක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව හෝ විදුලි රථ භාවිතයේ මුඛ්‍ය අරමුණු තෘප්ත නොවන බවය. එහිදී පවතින ප්‍රායෝගික අභියෝග මැඩලීමට සමත් වැඩපිළවෙළක් රටක් ලෙස අපට අවශ්‍ය බවය. එසේ නැතහොත් සිදුවන්නේ ලෝකය ඉදිරියට යද්දී විදුලි රථය පමණක් නොව රටම අතරමඟ නතර වීමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“වෙන්කටේශ්වර දෙවියන්ගේ දැඩි බැතිමතෙක් වූ ශ්‍රී ලංකා අගමැතිගේ තිරුපති ගමන“ – ඉන්දීය මාධ්‍ය කී කතාව

Next Post

පොලිස් ක්‍රීඩා අධ්‍යක්ෂකගේ තරුවක් ගැලවෙයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.