අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවසේ විදුලිය කැපීමට පැමිණි ලංවිම සේවකයා සමඟ වූ ආරවුල ගැන නවීන් කතා කරයි

by Lankasara News
නොවැම්බර් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිය නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිනි ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයකු සමඟ ගැටුමක් ඇති වීමට හේතු වූයේ අදාළ හිඟ බිල්පත ගෙවා තිබූ තමන් ඒ බව පැහැදිළි කිරීමට යාමෙදී ආදාළ සේවකයා එය පිලිනොගෙන කොපාවිෂ්ඨව ප්‍රතිචාර දැක්වීම නිසා බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

ඔහු සිය සමාජ මාද්‍ය තුල මේ සම්බන්ධයෙන් මෙසේ පැහැදිළි කර ඇත.

විදුලි බිල නොගෙවීම හේතුවෙන් නිවසෙහි විදුලිය කැපීමට ආ ‌විදුලි ‌සේවකයන්ගේ රාජකාරියට මා බාධා එල්ලකළ බවට ඇතැම් පුවත්පත් සහ වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණි.

එහිදී විදුලිය කැපීමට ආ සේවකයන් සමග ගැටුමක් ඇතිවූ බවටද එම පුවත්පත් සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නමුත් එහිදී සිදුවූ සියල්ල පැහැදිළි කිරීම මගේ යුතුකමක් සේ සලකමි.

සිදුවීම මෙසේය :-
අදාළ නිලධාරීන් පිරිස මාගේ නිවසේ අනවසරයෙන් මාගේ නිවස පිහිටි පරිශ්‍රයට ඇතුළු වී විදුලිය විසන්ධි කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒ පිළිබඳ මම ඔවුන්ගෙන් විමසීමක් කළෙමි. එහිදී ඔවුන්ගෙන් මම විමසා සිටියේ සියලු විදුලි බිල් ගෙවා තිබියදීත් මෙලෙස විදුලි විසන්ධි කිරීම⁣ට සූදානම් වීම අසාධාරණ බවයි. එසේම රතු බිලකින් පූර්ව දැනුම්දීමක් නොකර විදුලිය විසන්ධි කිරීමට සූදානම් වීම පිළිබඳ ඔවුන්ගෙන් මම විමසීමි. මේ අවස්ථාවේ දී යම් බහින් බස් වීමක් සිදු වූ බවත් එය සුළු ගැටුමක් බවට පරිවර්තනය වූ බවත් ප්‍රකාශ කරමි. එවන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූයේ අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධාකිරීමේ අරමුණුන් නොවන බවත් එය හුදෙක්ම මාගේ නිරවද්‍යතාවය ඔවුන්ට පැහැදිළි කිරීමට යාමේදී අදාළ නිලධාරීන් විසින් පළකළ කෝපාවිශ්ඨ ප්‍රතිචාර නිසාවෙන් බවද ප්‍රකාශ කරමි.

මාගේ නිවසේ අවසන් මීටර් කියවීම 2022 ඔක්තෝබර් 11 දින සිදු කරන ලදී. එදින වන විට බිල් මුදල රුපියල් 105,117 ක් වූ අතර එය එකම හිඟ මුදල විය .(වෙනත් බිල්පත් නොමැත).

මෙම මුදල සඳහා රුපියල් 104,109 ක් මාර්ගගතව ගෙවීම මගේ බිරිඳ විසින් 2022 ඔක්තෝබර් 20 දින සිදු කරන ලදී.

මගේ භාර්යාව ආපසු පැමිණීමේදී ඇය ගෙවීම් විස්තර නැවත පරීක්ෂා කර ඇති අතර ගෙවීම ආපසු ලබා දී ඇති නිසා වහාම රුපියල් 104,109 ක තවත් මාර්ගගත ගෙවීමක් සිදු කරන ලදී.

ඒ අනුව 2022 නොවැම්බර් 23 වන විට ලියාපදිංචි ලිපිනයේ විදුලිය සඳහා ගෙවීමක් නොමැත. නමුත් මේ බව ඒත්තු ගැන්වීමට අදාළ බිල්පත් ඉදිරිපත් කළද මාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිලධාරීන් ඒ බව පිළිගැනීමට මැළිවූ බවද ප්‍රකාශ කරමි.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නියෝජනය කරමින් උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති මම සෑම විටම පෙනීසිටින්නේ සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙනි. එවන් පසුබිමක මම රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට කිසිදු අවස්ථාවක බාධාකර නැත. ඔවුන්ගේ රාජකාරියට ඉදිරියේ දී බාධා කරන්නේ ද නැත. එය මාගේ ප්‍රතිපත්තියයි.

අනෙක් සුවිශේෂී කාරණාව වන්නේ සාමාන්‍ය පුරවැසියෙකු නිසාවෙන් නිසිකලට සියලු විදුලි බිල් ගෙවීමේ වගකීම මම එලෙසම ඉටුකරමි. එසේම තම පාරිභෝගිකයින් සමඟ ගනුදෙනු කිරීමේදී විදුලිබල මණ්ඩයේ නිලධාරීන් මීට වඩා වගකීමෙන් සහ වගවීමෙන් කටයුතු කරනු ඇතැයිද මම බලාපොරොත්තු වෙමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැතිකම ඉල්ලා සජිත් ගෝඨාට ලියූ ලියුම ජනපති පාර්ලිමේන්තුවේ සභාගත කරයි!

Next Post

සිවුරු ඇඳගත්ත බට්ටො දාලා තර්ජනය කරන්න එන්න එපා… පැවිද්දො පැවිදි වැඩ බලා ගත යුතුයි – ජනපති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.