ශ්‍රියානි විජේසිංහ
පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ ස්ථානමාරු ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් බලපෑම් එල්ල කරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට නොයා වහාම තමා දැනුවත් කරන්නැයි සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස සංගමයට දැනුම් දුන්බව සංගමයේ ප්‍රකාශකයෙකු ලංකාසර වෙත පැවසුවේය.
මෙම ස්ථානමාරු මණ්ඩලයට සංගමය නියෝජනය කරමින් සාමාජිකයන්ටද අතුළත් වීමට අවසර ලබා දුන් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කලින් සකස් කර තිබු ලේඛණය වෙනස් කළ යුතු තැන් පිලිබඳව සංගමය නිලධාරීන්ට අදහස් ඉදිරිපත් කිරීමේදී ඇතැම් නිලධාරීන් එම අදහස් මායිම් නොකරන තත්ත්වයක් මතුවීම හේතුවෙන් ඇමතිවරයා මෙම දැනුවත් කිරීම කර ඇතිබවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
අමාත්‍යංශය මගින් මීට පෙර සකස් කර තිබෙන ලේඛණය තුළ ඇතැම් දිස්ත්‍රික්කයන් වෛද්‍යවරුන් අවම සංඛ්‍යාවක් ලබා දී ඇති අතර ඇතැම් ඒවාට වැඩිවශයෙන් ලබා දී ඇති බවද හෙතෙම පැවසුවේය.
මෙවැනි තත්තවයන් වෙනස් විය යුතු බව පෙන්වා දුන්නද අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් එය වෙනස් කිරිමට අකමැත්තක් පළ කරන බවද සඳහන් වේ.
කෙසේ නමුත් සෞඛ්‍ය ඇමතිවරයා ලබා දෙන තීන්දු තීරණයන් වුවද ගණකට නොගෙන නිලධාරීන් දිගින් දිගටම දරදඩු තීරණයන් ගන්නේ නම් කිසිදු පැකිලීමකින් තොරව සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමු වීමටද සංගම් සාමාජිකත්වය එකඟ වී ඇතැයි එම ප්‍රකාශකයා පැවසුවේය.







