ජයකාන්ත ලියනගේ – ලලිත් චාමින්ද –
ගාල්ල සිට නිරිත දෙසින් නාවික සැතපුම් 271 ක් පමණ (කිලෝ මීටර් 501 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී නෞකාවක ගැටීමෙන් මුහුදේ පෙරලී ආපදාවට ලක් වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙක් අතුරුදහන් වී තිබේ.
ඉන් ධීවරයින් සිව් දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් නිරුපද්‍රිතව මුදවා ගැනීමට නාවික හමුදාව අද (03) කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ආපදාවට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.
ගාල්ල ධීවර වරායෙන් පසුගිය අගෝස්තු මස 25 දින ධීවරයින් හත් දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ලියාපදිංචි අංක IMUL – A- 0690 – GLE දරණ ‘නිහතමානි 01’ නමැති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී අද (03) අළුයම එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කළ නෞකාවක ගැටීමෙන් යාත්‍රාව පෙරලී ආපදාවට ලක්ව තිබේ.
එම අනතුරින් ධීවරයින් තිදෙනෙකු අතුරුදහන්ව තිබේ. අතුරුදන් වි ඇත්තේ හත්මුනි සමන් කුමාර ද සිලවා ,කලුබුන් වසන්ත ද සිල්වා, වැලිකන්ද අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයින් දෙදෙනෙකු සහ යකුපිටි කුමාරසිංහ නැමති බන්වැල්දුව, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
යාත්‍රාවේ සිටි ධීවරයින් සිව් දෙනෙකු ‘ලසන්ත 01’ නැමැති බුහුදින ධීවර යාත්‍රාව මඟින් මුදවා ගෙන මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින බවද නාවික හමුදාව කියයි.
ධීවරයෙක් සිව් දෙනාගෙන් එක් ධීවරයෙක් අසාධ්‍ය තත්වයේ සිටින බැවින් කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කරන ලද දැනුම් දීමකට අනුව නාවික හමුදාව මෙම පියවර ගෙන තිබේ.
එයින් පසු ‘ලසන්ත 01’ නැමැති බුහුදින ධීවර යාත්‍රාව මඟින් ගොඩබිමට රැගෙන එමින් සිටින ධීවරයින් සිව් දෙනා කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව පිටත් කර යැවීමට මෙලෙස කටයුතු කර තිබේ.







