දිනසේන රතුගමගේ
ජාතික නිදහස් දිනයට විරෝධය පලකරමින් යාපනය විශ්ව විද්‍යාලය පුරා අද (04) කළු කොඩි ඔසවා තිබුණි.
උතුරේ දෙමළ ජනතාවට කිසිදු නිදහසක් නොමැති බව කියමින් මෙම කළු කොඩි ඔසවා තිබූ අතර යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා උතුරේ දෙමළ දේශපාලනඥයින් හා ස්වේච්ඡා සංවිධාන මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කොට කලු කොඩි ඔසවන ලෙස උතුරේ ජනතවගෙන් ඉල්ලීමක් කොට තිබුණි.
යාපනය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන කොඩි ගස ඇතුලු ස්ථාන කීපයක දමා තිබූ කලු කොඩි කීසිවෙකුත් ඉවත් කොට නොතිබුණි.







