සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැති ප්‍රශ්න ඇති නොකර කොන්දක් තිබේ නම් මේ මාරුවීම අවලංගු කරන්න… ජපුර සභාපතිට දුන් කාසල් රෝහලේ පත්වීමට විරෝධය පා GMOA සහ AMS සෞඛ්‍ය ලේකම්ට ලියති…

by editor
දෙසැම්බර් 31, 2024
in පුවත්
anil-jasinghe
Share on FacebookShare on Twitter
  • ලඟ තැනකින් පඩි දෙන්න ඕන නම් වාර්ෂික ස්ථානමාරු පටිපාටිය උල්ලංඝණය නොකර ජපුර රොහල් සභාපතිව අමාත්‍යාංශයට අනුයුක්ත කරගන්න… ඔබ කරන්නේ නිදහස්ව සිතන සෑම විශේෂඥ වෛද්‍යවරයෙකුටම රැකියාවත් එපා කිරීමක්… විශේෂඥ වෛද්‍යවරු සෞඛ්‍ය ලේකම්ට දන්වති!

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සාමාන්‍ය වාර්ෂික ස්ථාන මාරුවීම් පටිපාටිය උල්ලංඝණය කර ජයවර්ධන පුර රෝහලේ සභාපති ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයංග තිලකරත්න කාසල් කාන්තා රෝහලේ නේවාසික ප්‍රසව හා නාරි රෝග විශේෂඥවරයෙක් ලෙස අවිධිමත්ව පත් කිරීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ  වෛද්‍ය අනිල් ජාසිංහට ලිඛිතව සිය ප්‍රබල විරෝධය පළ කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ මේ පත්වීම සිදුකර ඇත්තේ විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මණ්ඩලයේ එකඟතාවයකින් තොරව අත්තනෝමතික ලෙස සහ සියලු ස්ථාන මාරුවීම් නියමයන් උල්ලංඝනය කරමින් බවය.

රජය විසින් ශ්‍රී ජයවර්ධනපුර රොහලේ සභාපති ලෙස පත් කළ ජයංග තිලකරත්නට ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස සායනික කටයුතු කිරීමේ අභිලාෂයක් ඇතිනම් ඔහු කළ යුත්තේ මෙවැනි නීති විරෝධී අකටයුතු නොකර නියමිත පරිදි ස්ථානමාරු ක්‍රමවේදයට අනුගත වීම බව එම සංගමය පවසයි.

එබැවින් මෙම අත්තනෝමතික පත්වීම වහාම අවලංගු කරන ලෙසත්, ස්ථාන මාරුවීම් පිළිබඳ විධි නියමයන් අනුගමනය කරන ලෙසට සහතිකවන ලෙසත් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණයෙන් ඉල්ලා සිටී.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම පත්කිරීමට විරෝධය පළ කරන්නේ කරුණු 07ක් ඔස්සේය. ලිපිය අනුව කරුණු පෙළ ගැසෙන්නේ මෙසේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

  1. ජයංග තිලකරත්න ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දි ශ්‍රී ජයවර්ධනපුර රොහලේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ මාලිමා ආණ්ඩුව බලයට පැමිණි පසුය. ජයංග තිලකරත්නගේ නියමිත රැකියා ස්ථානයය ඇල්පිටිය මූලික රෝහලය.
  2. ඔහු ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥවරයා වී සිටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයා ලෙස පත් වන්නේය.
  3. දැනට පුරප්පාඩු වී ඇති කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ නේවාසික විශේෂඥ වෛද්‍ය ධූරය වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය හරහා පුරවා ගන්නා තෙක් තාවකාලික පදනමින් පත් කළ හැකි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් කළමනාකරණය කරගත හැකිය.
  4. ජයවර්ධනපුර රෝහලේ සභාපතිවරයාට කාසල් රෝහලේ නේවාසික වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට කැමැත්තක් තිබුණා නම් ඔහුට ද අයදුම්පත්‍රයක් දමා වාර්ෂික ස්ථානමාරුවීමේ පටිපාටිය අනුගමනය කරන්නට හැකියාව තිබුණේය.
  5. එසේ තිබිය දී විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රමයේ සියලුම නීති රීති උල්ලංඝනය කරමින් සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඔහුව කාසල් රෝහල වෙත පත් කිරීම මේ රටේ නිවැරදි ලෙස සිතන සියලුම වෛද්‍ය විශේෂඥයින්ට කිසිසේත්ම පිළිගත නොහැකිය.
  6. කාසල් රෝහල වැනි වගකීම් අධික කාර්ය බහුල රෝහලක ප්‍රසව හා නාරිවේද නේවාසික විශේෂඥවරයෙක් ලෙස ජයවර්ධන පුර රෝහලේ සභාපතිවරයා තමන්ගේ සභාපතිකමද කරමින් කටයුතු කරන්නේ කෙසේ ද යන්න අපැහැදිලිය.
  7. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභිප්‍රාය වන්නේ ඔහුගේ වැටුප ලබා ගැනීම සඳහා පමණක් සමීප ස්ථානයක් සොයා දීම නම් සෞඛ්‍ය ලේකම්වරයාට නිසැකවම ඔහුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුයුක්ත කරගෙන අවශ්‍ය දේ කළ හැකිය.

අවසානයේ දී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාට කියන්නේ මෙවැන්නකි.

” රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමත වැදගත් තනතුරක් දරන නිලධාරියෙකුට ඒ හා සමාන තනතුරකට ස්ථාන මාරුවක් ලබා ගත හැක්කේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත් වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය හරහා පමණක් බව කරුණාවෙන් සලකන්න.”

“වාර්ෂික ලැයිස්තු තනතුරුවල කිසියම් පුරප්පාඩුවක් ඇති වුවහොත් එය සාමාන්‍යයෙන් පුරවන්නේ වාර්ෂික ලැයිස්තුවෙන් ස්ථිර නිලධාරියා පත් කරන තෙක් වැඩබලන විශේඥවරයෙක් පත් කිරීමෙන් මිස වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවක් පිට සිටින වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙක් පත් කිරීමෙන් නොවේ.”

“වෛද්‍ය විශේෂඥයින්ගේ මෙම නීත්‍යානුකූල ස්ථාන මාරු ක්‍රියා පටිපාටිය උල්ලංඝනය කරන්නේ නම්, එය නිසැකවම විශේෂඥ වෛද්‍යවරුන් අතර සැලකිය යුතු නොසන්සුන්තාවයක් ජනනය කරන නරක පූර්වාදර්ශයක් නිර්මාණය කරනු ඇත.

සාමාන්‍යයෙන් වෛද්‍ය සභාව තීරණවලට යටත්ව වෛද්‍ය හේතූන් මත විශේඥ වෛද්‍ය නිලධාරීන්ට තාවකාලික ස්ථාන මාරුවීම් ලබා දෙන බව මෙහිදී සඳහන් කළ යුතුය. එම තාවකාලික පත්වීම් විශේෂයෙන් අතිරේක පදනම මත ලබා දී තිබේ. පත්වීම්වලින් නිසැකවම වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ සඳහන් තනතුරු පුරවන්නේ නැත.

තාවකාලික අනුයුක්තයන් සම්බන්ධයෙන් නම් ඔහුගේ හෝ ඇයගේ වැටුප ගෙවනු ලබන්නේ නිලධාරියාගේ ස්ථිර සේවා ස්ථානයෙන් මිස ඔහු තාවකාලිකව අනුයුක්ත කර ඇති ස්ථානයෙන් නොවේ.

අසාමාන්‍ය හේතුවක් මත මෙවැනි තාවකාලික ස්ථාන මාරුවක් අවශ්‍ය වුවහොත් ඔහු තාවකාලික පදනමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පත් කිරීමට සෞඛ්‍ය ලේකම්වරයාට බලය ඇත.

වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලියට අවනතවන වෛද්‍ය විශේෂඥයින් අතර නොසන්සුන්තාව සහ බලාපොරොත්තු සුන්වීම වැළැක්වීම සෞඛ්‍ය සේවයේ යහපත් සෞඛ්‍යයට හේතු වනු ඇති බවත්, මෙම අසාධාරණ සහ තාවකාලික තීරණය ආපසු හැරවීමට සෞඛ්‍ය ලේකම් ලෙස ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබෙනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවංකවම බලාපොරොත්තු වේ.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පසුගිය ආණ්ඩු දේශපාලන උවමනා මත රාජ්‍ය සේවයට අවිධිමත්ව බඳවා ගත් සේවකයින් ගැන සමාලෝචනය කරන්න කමිටුවක්!

Next Post

හමුදාව අරගලය මඩින්න එක වෙඩි උණ්ඩයක්වත් පත්තු නොකළ හේතුව ජෙනරාල් ශවේන්ද්‍ර රාජකාරි දිවියෙන් නික්ම යන මොහොතේ කියයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.