සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය ආණ්ඩු දේශපාලන උවමනා මත රාජ්‍ය සේවයට අවිධිමත්ව බඳවා ගත් සේවකයින් ගැන සමාලෝචනය කරන්න කමිටුවක්!

by editor
දෙසැම්බර් 31, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය රජයන් මගින් රාජ්‍ය සේවය සඳහා සිදුකළ අවිධිමත් බඳවා ගැනීම් පිළිබඳ සමාලෝචනයක් කර රාජ්‍ය සේවය පිළිබඳ නිශ්චිත ප්‍රතිසංස්කරණයක් සිදුකිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අද (31) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ කොමිෂන් සභා, අමාත්‍යාංශ,  පළාත් සභා සහ ව්‍යවස්ථාපිත ආයතනවල මෙන්ම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩලය නැවත සමාලෝචනය කිරීමට සහ අත්‍යාවශ්‍ය බඳවා ගැනීම් සිදුකිරීමටත්,  සේවා අවශ්‍යතාව අනුව කාර්යමණ්ඩලය නැවත ස්ථානගත කොට උපරිම සේවයක් මහජනතාවට ලබා දීමටත් අවශ්‍ය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරී කමිටුවක් පත් කරිමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවය.

” විටින් විට එක් එක් ආණ්ඩු විසින් විවිධාකාර බඳවා ගැනීම් සිදුකරලා තියනවා. පහුගිය ආර්ථික අර්බුදය නිසා බඳවාගැනීම් මුලුමනින්ම නතර කරලා තියනවා. මේ අනුව මහජනතාවට සේවාව සැපයීමේ දී ඒ එ් දෙපාර්තමේන්තු සංස්ථා ද ඇතුළත්ව විවිධාකාරයේ අර්බුද පැන නැගිලා තියනවා. ”

“මේ තත්ත්ව හඳුනගත්ත කැබිනට් මණ්ඩලය මහජනතාවට උපරිම කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා දැනට මේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරන්නත්, සේවා අවශ්‍යතා අනුව නව කාර්ය මණ්ඩලය ස්ථානගත කරන්නත් වැනි කරුණු කීපයක් මුල් කරගෙන තමයි මේ කමිටුව පත් කළේ. එම කමිටු වාර්තාව අනුව රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ කරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ සිදුවන්නේ විවිධ දේශපාලන අවශ්‍යතා මත බඳවා ගැනීම් සිදුකර ඇති බවට නිර්දේශ කර රාජ්‍ය සේවයේ කප්පාදුවක් සිදුකිරීමට උත්සාහයක් දැයි මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ එවැනි කිසිම අදහසක් නොමැති බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“බඳවා ගැනීම් සමාලෝචනයෙන් රජයේ රැකියා කප්පාදුවක් වෙන්නේ නෑ. රජය අපේක්ෂා කරන්නේ මේ බඳවා ගත්ත අය විධිමත් ආකාරයකට කාර්යක්ෂමව සේවයේ යෙදවීම”

” පසුගිය වකවානුවල විශාල වශයෙන් පහළ ශ්‍රේණ්වල බඳවා ගැනීම් සිදුකර තිබෙනවා. මගේ අමාත්‍යාංශවන සෞඛ්‍ය අමාත්‍යාංශය බැලුවොත්  අමාත්‍යාංශයේ හෝ රෝහල් අවශ්‍යතාවයන් අනුව නොවෙයි පහළ ශ්‍රේණිවල අය බඳවාගෙන තියෙන්නේ,,.. දේශපාලන උවමනාවන් මත. ඒ නිසාම ඒ අය ස්ථාන මාරු කිරීමේ දීත් බරපතල ප්‍රශ්න තියනව. වැඩිම ප්‍රමාණයක් ඉන්නේ ඉන්නේ පොලොන්නරුව, නුවර, බදුල්ල සහ කළුතර කට්ටිය.”

“මේ බඳවා ගැනීම් රටේ ජනතාවගේ අවශ්‍යතා මත විධිමත්ව ස්ථානගත කරන්න ඕන. බඳවා ගැනීම් කරලා තියෙන්නේ අත්‍යාවශ්‍ය පුරප්පාඩුවලට නෙමෙයි. තාක්ෂණික අංශයේ පුරප්පාඩු ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තියනවා. රජය අත්‍යාවශ්‍යායවශ්‍ය බඳවා ගැනීම් කරනවා. දැනට ඉන්න සේවකයින් පිළිබඳ සමාලෝචනය කරන්නයි මේ කමිටුව දාලා තිබෙන්නේ. ”

කප්පාදුව එන්නේ සමාලෝචනය නමට මුවා වෙලාදැයි මාධ්‍යය විමසුවේය.

“රැකියා කප්පාදුවකට යන්න බලාපොරොත්තුවක් නෑ. මොන විදිහට බඳවා ගැනීම කළත් රජයේ සේවයට ඔවුන් බඳවාගෙන තියනවා. ඒ මත ජීවිතයක් සැලසුම් කරනවා . ජීවිත අඩාල කරන්න අපි කටයුතු කරන්නේ නෑ. රටේ භාණ්ඩාගාරය ඔවුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා. එබැවින් ඔවුන් මහජන සේවයක් සඳහා උපරිමව යොදවා ගැනීමයි මේ අදහස.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නලීන් බණ්ඩාර කියන විදිහට මාලිමා මන්ත්‍රීවරු කප්පම් ඉල්ලගෙන ගාමන්ට් එකකට ගියා ද?…

Next Post

නැති ප්‍රශ්න ඇති නොකර කොන්දක් තිබේ නම් මේ මාරුවීම අවලංගු කරන්න… ජපුර සභාපතිට දුන් කාසල් රෝහලේ පත්වීමට විරෝධය පා GMOA සහ AMS සෞඛ්‍ය ලේකම්ට ලියති…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.