මනම්පිටිය නිමල් ජයරත්න –
නැගෙනහිර පළාතේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරම නැවැත්වීමට නොහැකි මට්ටමක ඇති මාෆියාවක් වී ඇතැයි නිවාස ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
ඒ සම්බන්ධව අවශ්‍ය නීත්‍යානුකූල තත්ත්වයන් ක්‍රියාත්මක කිරීමට රජයක් ලෙස කටයුතු කරන බවත්, පොළොන්නරුව වැලිකන්ද වඩමුනේ ප්‍රදේශයේ සිදුවන නීති විරෝධීව වැලි ජාවාරම ආරක්ෂක අංශ යොදවා වැලැක්වීමට කටයුතු කරන බවත් ඇමතිවරයා සහතික වෙයි.
ඇමතිවරයා මේ බව සදහන් කරන්නේ පසුගිය 28 වෙනිදා පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ රැස්වීමේදී ය.
රටේ ඉදිකිරීම් ක්ෂේත්රයට වැලි නොමැති වීම ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව ඇති නිසා පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟෙන් වැලිගොඩ දැමීමට නව වැලි තොටුපොලක් ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඇමතිවරයා පවසයි.
එම තොටුපල සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට මෙන්ම භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයට අංශයට අදාළ උපදෙස් ලබාදී ඇති බවද, ඊට පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ලබාදෙන බවද ඇමතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවේ දී සහතික වි තිබේ. පසුගිය වසරට වඩා සියයට දාහතරක් ඉදිකිරීම් ක්ෂේත්රයේ වර්ධනයක් තිබෙන බව ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය,







