පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ විභාගයක් සඳහා නීත්‍යානුකූල නොවන ආකාරයට පෙනී සිටීම සම්බන්ධව අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නමැති සංවිධානය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත.
සමාජ මාධ්‍ය ජාලයක විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ සහය සහිතව පෙනී සිටිමින් නීතිඥ වෘත්ති ප්‍රවේශය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට වාර්තාවක් පළවී ඇත.
එම වාර්තාවකට අනුව අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඒ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව වැඩබලන පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය වෙත උපදෙස් ලබා දී ඇත.
මේ ලිපියත් කියවන්න…
මේ ලිපියත් කියවන්න…
නාමල් හොර නිතිඥකම ගත්තු හැටි අධිකරණයට කියන්න රට ඉන්න තුෂාර ජයරත්න ලංකාවට එන්න සැරසෙයි…







