සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව පරාජය කර ලබා ගත් ඉතිහාසයේ ඉහළම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරයි!

by editor
පෙබරවාරි 14, 2025
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ඒ ජයග්‍රහණය ඉතිහාසගතය. ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 174ක දැවැන්ත ජයග්‍රහණයකි. මෙතෙක් ශ්‍රි ලංකාව ඔස්ට්‍රේලියාව පරදවා ලබා ගත් ඉහළම ජගහ්‍රණය මෙයය. ලකුණු 281ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු ඕවර 24.2ක දී ලකුණු 107කට දැවී ගියහ.

අසිත ප්‍රනාන්දු අතීත චමින්ද වාස්ගේ භූමිකාව මේ තරගාවලියේ පැවති තරග දෙකේදීම ප්‍රකට කළේය. අද තරගයේත් අසිත මුල් කඩුළු 03 දවා ගත්තේ ඔස්ට්‍රේලියානු මුල් පෙල අන්ද මන්ද කරමිනි. ඔහු කඩුළු 03 දවා ගත්තේ පන්දු ඕවර 04ක් පමණක් යවමිනි.

අනතුරුව දඟපන්දු යවන්නෝ සිය වගකීම භාරගත්හ. දුනිත් වෙල්ලාගේ විශිෂ්ට පන්දු යැවීමකය. ඔහු කඩුළු 04ක් දවා ගත්තේය. ඉන් කඩුලු 03ක්ම ලබා ගන්නේ කඩුල්ලේ ඉනි කුඩු කරමිනි.

වනිඳු යළිත් සිය රිද්මයට පැමිණියේය. ගිය තරගයෙදීත් හොඳම ගුටි කෑ වනිඳු ලකුණු 23කට කඩුළු 03ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දිවා තරගයක් ලෙස පැවැත්වෙන දෙවැනි එක් දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම අවසානය. කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහරදීමට තීන්දු කළ පසු ශ්‍රී ලංකා පිතිකරුවෝ ස්වකීය වගකීම කදිමට ඉටු කළහ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ලකුණු 281ක් ලබා ගන්නේ කඩුළු 04ක් පමණක් දැවී යන විටය. ඒ ලකුණු 281ට කුසල් මෙන්ඩිස්ගේ මනරම් ශතකයක් අන්තර්ගත විය. නිශාන් මධුෂ්ක ලබා ගත් ලකුණු 51ක්, චරිත් අසලංක ලබා ගත් වේගවත් ලකුණු 78ක් සහිත අර්ධ ශතක දෙකකින් ඉනිම ස්ථාවර වූයේය. ජනිත් ලියනගේ පන්දු 21ක් තුළ ලැබූ ලකුණු 32කි .

කුසල්ගෙන් ශතකයක්…

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීම මෙන්ම පිටියේ පන්දු රැකීමට ද අර්බුදයක තිබුණු ආකාරය දුටුවෙමු. චරිත් අසලංකගේ ගිලිහී ගිය උඩ පන්දුවක් ලකුණු හයේ පහරක් බවට පත්වූයේය. පන්දුව වෙත දිව ඒමේ ප්‍රමාදයන් නිසා උඩපන්දු ගිලිහී ගියේය.

කුසල් මෙන්ඩිස් පන්දු 115ක් තුළ ලබා ගත් ලකුණු 101ක් ලබන්නේය. ඔහු නිශාන් මධුෂ්ක සමග එක්ව ඉනිම ස්ථාවර කරන්නේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 06කට සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 04කට බිඳ වැටෙන අවකාශය තුළය. නිශාන් මධුෂ්ක සහ කුසල් මෙන්ඩිස් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සම්බන්ධතාවයක් ගොඩනැගිනි. කමිඳු මෙන්ඩිස් ලකුණු 4කට දැවී යෑමත් සමග චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් අතර ලකුණු 94ක සම්බන්ධතාවයක් ඇති විය. කුසල් මෙන්ඩිස් දැවී යන්නේ 45 වැනි පන්දු ඕවරයේ පළමු පන්දුවේදී ය.

නායක චරිත්…

එතැන් සිට පන්දු 35ක් තුළ දී චරිත් අසලංක සහ ජනිත් ලියනගේ ඔස්ට්‍රේලියානු පන්දු යවන්නනට එල්ල කළ ප්‍රහාරය බිහිසුණු එකක් විය. ඔවුහු අවසන් පන්දු 35 තුළ ලකුණු 66ක් රැස් කළහ.

බෙන් ඩ්‍රොව්ෂයිස්, ආරොන් හාර්ඩි, ෂේන් ඇබොට් සහ ඇඩම් සම්පා කඩුල්ල බැගින් ලබා ගත්හ.

ඔස්ට්‍රේලියානු ඉනිම

දුනිත් වෙල්ලාලගේ…

ඉනිමේ බලාපොරොත්තු සුන් කරන්නේ අසිත ප්‍රනාන්දුගේ විශිෂ්ට ආරම්භක පන්දු යැවීමය. මේ ආකාරයේ රිද්මයක් අප මින් පෙර දකින්නේ චමින්ද වාස්ගෙනි. අසිත ආරම්භක පන්දුවේ සිට එල්ල කරන පීඩනය ඔස්ට්‍රේලියානු ඉදිරිපෙළ අන්දමන්ද කළේය. මැතිව් ෂෝට්, ට්‍රැවිස් හෙඩ් සහ ජේක් ෆ්‍රෙසර් මැක්ගර්ක් අසිත ප්‍රනාන්දු හමුවේ බිඳ වැටෙන්නේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 33ක දී ය.

ඉන් අනතුරුව නායක ස්ටීවන් ස්මිත් සහ ජොෂ් ඉන්ග්ලිෂ් අතර යම් ලකුණු ප්‍රමාණයක් සහිත සබඳතාවයක් ගොඩ නැගෙන අයුරු පෙනුනි. දෙදෙනා අතර ලකුණු 46ක සබඳතාවයක් ගොඩනැගුනි. එහෙත් දුනිත් වෙල්ලාලගේ ජොෂ් ඉන්ග්ලිෂ්ගේ කඩුල්ල කඩු ක 15 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේදී කුඩු කර දමන්නේය. ඒ අවස්ථාවේ දී ජොෂ් ඉන්ග්ලිෂ් පන්දු 27ක් තුළ ලකුණු 22ක් ලබාගෙන සිටියේය. මුළු ලකුණු සංඛ්‍යාව ඒ වනවිට ලකුණු 79කි.

ඉන් අනතුරුව අප දකින්නේ එකා පිට එකා වැටී ඔස්ට්‍රේලියාව නන්නත්තාරවන ආකාරය ය. වනිඳු ආරොන් හාඩිගේ කඩුල්ල ලබා ගන්නවිට මුළු ලකුණු සංඛ්‍යාව 80කි. ලකුණු 83 දී වෙල්ලාලගේ ග්ලෙන් මැක්ස්වෙල්ගේ කඩුල්ල කඩු කරන්නේය. ඒ හය වැනි කඩුල්ල ලෙසය. හත් වැනි කඩුල්ලත් ලකුණු 83දී ය. දැවී යන්නේ ස්ටීවන් ස්මිත්ය. ඒ හසරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමෙනි.

සේන් ඇබොට් ලකුණු 86 දී අටවන කඩුල්ල ලෙසත්, බෙන් ද්වාර්ෂුස් ලකුණු 94 දී නවවන කඩුල්ල ලෙසත් දැවී යන්නේය. අවසන් කඩුල්ල දවා ගන්නේ වෙල්ලාලගේ ය. ඇඩම් සම්පා ලකුණු 8ක් ලබා සිටිය දී වෙල්ලාලගේ එවූ පන්දුවක් මැද ඉන්නේ වැදෙන්නේය. ලකුණු 107කට ඔස්ට්‍රේලියානු ඉනිම නිමය.

ඉතිහාසය

මෙතෙක් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර එක් දින ජාත්‍යාන්තර තරග 105ක් පැවැත්වී තිබේ. ඉන් 64ක් ජයගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවය. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 37ක් පමණි. විසඳීමකින් තොරව තරග 4ක් නිමා වී තිබුණේය.

1975න් ආරම්භවන ශ්‍රි ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරග වංශ කතාවේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කරන්නේ අදය. ටෙස්ට් තරගාවලිය උතුර දකුණ නැතිව ගුටි කා ඉතිහාසගත විදිහට  පරාද වී සිටි අප   ප්‍රතිප්‍රහාරය එක් දින තරගාවලියේ දී ඔස්ට්‍රේලියාවට ලබා දි ඇත.

අප තරගාවලිය දිනුම්ය. තරගාවලියේ වීරයාත් ප්‍රකාශ වී ඇත්තේය. තරගාවලියේ වීරයා ශ්‍රී ලංකා නායක චරිත් අසලංකය. තරගයේ වීරයා ලකුණු 101ක් ලබා ගත් කුසල් මෙන්ඩිස්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල් නීතිඥකම ගත්තු හැටි ගැන සීඅයිඩී විමර්ශනයක් ඇරඹෙයි…

Next Post

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට ආචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කෙරේ

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.