සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල්… ඔබ බොරු නීතිඥයෙක් නොවන බව පාර්ලිමේන්තුවට ඇවිත් සහතික කරන්න… නලින්දගෙන් නාමල් ට අභියෝගයක්!

by editor
නොවැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොදු ජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුව ඇති බරපතල තත්ත්වයක් පිළිබඳව ආණ්ඩු පක්ෂ සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

බරපතල පරස්පාරතා සහිත හොර සහතික ඉදිරිපත් කර එවකට සිය පියාගේ දේශපාලන බලය අවභාවිතා කරමින් නීති විද්‍යාලයට ඇතුළු වූ නාමල් රාජපක්ෂ නීති විභාගයට පෙනී සිටි ආකාරය සම්බන්ධව ද බරපතල ප්‍රශ්න මතු වී තිබිණි. දැන් ගැටලුව ඇති වී තිබෙන්නෙ ඔහු නීති විද්‍යාලයට ඇතුළු වූ ආකාරය ය.

මේ සම්බන්ධව ගවේෂණාත්මක මාධ්‍යවේදීනි නිර්මලා කන්නංගර විසින් සකස් කළ තොරතුරු සහිත ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙමින් ඇති පසුබිමක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මේ තත්ත්වය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් අද එම ගැටලුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මෙසේ පැවසුවේය.

අද උදෑසන සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන නාමල් රාජපක්ෂගේ නීතිඥභාවය පිළිබඳව ඔහු නීති උපාධිය එංගලන්තයෙන් ලබා ගත් ආකරය, ඔහු ලබා ගත් සහතිකය සහ ඔහු නීති විද්‍යාලයට ඇතුළත්වීම පිළිබඳව වෙබ් අඩවි ගණනාවක ලිපි පළ කරලා තියනවා.

විශේෂයෙන්ම අපේ රටේ ගවේශනාත්මක මාධ්‍යවේදිනියකවන නිර්මලා කන්නංගර මහත්මිය එම තොරතුරු හෙළිදරවු කරලා තියනවා.

RelatedPosts

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

එකක් තමයි ඔහු සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන විශ්වවිද්‍යාලයෙන් ඔහු ඉදිරිපත් කරලා තියන සහතිකය ඉදිරිපත් කරලා තියනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ශාස්ත්‍රපති උපාධියට ලියාපදිංචි වීම සඳහා. ඒ උපාධි සහතිකය නිකුත් කරලා තියෙන්නේ 2009 සැප්තැම්බර් මස 15 වැනිදා. නමුත් එම සහතිකයට අත්සන් කළ උප කුලපතිවරයා ජූලි මස 23 වැනිදා ඉල්ලා අස්වෙලා තියනවා.

එතකොට ඒ උපකුලපතිවරයා ඉල්ලා අස්වෙලා දින 54කට පස්සේ තමයි උපාධි සහතිකයේ උප කුලපති ලෙස එම පුදගලයා අත්සන් කරන්නේ. ඒ නිසා මේ උපාධි සහතිකය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඒ මාධ්‍ය ඔස්සේ මතුකරලා තියනවා.

දෙවැනි කාරණාව තමයි … මෙත නීතිඥවරු ගොඩාක් ඉන්නවා. එතුමලා දන්නවා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ලෝ එන්ට්‍රන්ස් එග්සෑම් එක නැතිව ලෝකයේ පිළිගත් නීති උපාධි ලබාදෙන ආයතනවල සුදුසුකම් සැපිරූ අයට තමයි ඒ අවස්ථාව තිබෙන්නේ.

නමුත් මේ සිටි යුනිවර්සිටි – ලන්ඩන් කියන ආයතනය… මේක යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් නෙමෙයි… මේ ආයතනයෙ ලියා පදිංචි වෙලා තියෙන්නේ 2009 ඔක්තොම්බර් මස 15 වැනිදා. නමුත් මේ ආයතනයෙන් උපාධිය ගත්තායැයි කියන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න ඉල්ලා තියෙන්නේ 2009 සැප්තැම්බර් 25….

ඇපිල්කේෂන් එක දාපු දවසසේම නීති විද්‍යාලය ඒක භාර අරගෙන තියනවා . සැප්තැම්බර් 25 දින 2029 මේ ඇප්ල්කේෂන් එක භාරගන්නකොට නීති විද්‍යාලයට ඇතුළත් වීම සඳහා මේ කියන සිටි යුනිවර්සිටි ලන්ඩන් කියන ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිළි අරගෙන නෑ. පිළි අරන් තියෙන්නේ ඔක්තොම්බර් 15. මේ ගැනත් මේ වාරේතාවල අවධානය යොමු කරලා තියනවා.

තුන්වැනි කරුණ තමයි මේ උපාධි සහතිකය අනුව සිටි යුනිවර්සිටි එක ඔහුට ලබා දීලා තියෙන්නේ බැචුලර් ඔෆ් ලෝස් විත් ඔන්රස් ක්ලාස් 3 උපාධියක්. තුන්වැනි පන්තියේ උපාධියක්. ඒ මට්ටමේ උපාධියක් අරන් එක්සත් රාජධානියේ නීතිඥ මණ්ඩලවලට ඇතුළත් වෙන්න බෑ කියන එකත් සඳහන් වෙලා තියනවා.

මීට අදාලව මේ තිබෙන වාර්තා වල පිටපත් මම සභාගත කරනවා. මා බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුපුරුදු පරිදි මේ ගැන පැහැදිලි කිරීමක් කරයි කියලා.

නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පාර්ලමේන්තුවේ දී කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව තුළ දයාසිරිගේ හැසිරීම ගැන විමර්ශනයක් කරන්න කථානායකවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි!

Next Post

උපාධිය ගැන පලවන බොරු කතාවලට 21 නුගේගොඩ රැළියෙදී උත්තර ලැබේවී…. නාමල් රාජපක්ෂ කියයි…

Related Posts

පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!
  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.