නාමයෝජනා පත්‍ර 764ක් ලැබි තිබුණ බවත් ඉන් නාමයෝජනා පත්‍ර 74ක් ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
ඒ අනුව ඉදිරි මැතිවරණයේ දි මැතිවරණ කොට්ඨාස 22 සඳහා කණ්ඩායම් 690ක් තරග වදින බව හෙතෙම නිවේදනය කරයි.
මෙවර වැඩිම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ප්‍රමාණයක් තරග කරන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසයෙනි. එම කොට්ඨාසයට කණ්ඩායම් 64ක් තරග වදිති. කණ්ඩායම් 72ක් ඉදිරිපත් වූ නමුත් ඉන් 08ක් ප්‍රතික්ෂේප වී තිබේ.
අවමය දක්නට ලැබෙන්නේ පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රිකක් දෙකෙනි. මෙම දිස්ත්‍රික්ක දෙක සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 15 බැගින් තරග කරනු ලබති.
අද දින නාමයෝජනා භාරගැනීමේ කටයුතු අවසන් වූ අතර ඉදිරි දින කීපය තුළ දී එක් එක් දේශපාලන පක්ෂ අපේක්ෂකයින්ට ලැබි යුතු මානප අංක ලබා දීම සිදුකිරීමට නියමිතය.







