නවසීලන්තය විසින් මෙතෙක් අනුගමනය කළ කොරෝනා වලින් තොර ජීවන තත්ත්වය වෙනුවට කොරෝනා සමඟ ජීවත්වීමට අවදානය යොමුකර තිබේ.
ඒ අනුව මෙතෙක් නවසීලන්තය තුල පනවා තිබූ දැඩි සංචරන සීමා රැසක් ඉදිරියේදී ඉවත්කිරීමට නියමිත බවට වාර්තා වේ.
මේවන විට නවසීලන්තයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පවසා ඇත්තෙ “නව ඩෙල්ටා ප්‍රභේදයත් සමඟ කොරෝනා වලින් තොර තත්ත්වයක් පවත්වාගෙන යාම ඉතා අසීරු කාර්යක්.” බවයි.
පවතින අධික සීමා හේතුවෙන් මේවන විට නවසීලන්ත ආර්ථිකයේ අර්බුද රැසක් නිර්මාණය වී තිබේ.
ඒත් සමඟ එරට අග්‍රාමාත්‍යවරිය වෙත දැඩි බරක් පැටවි ඇති තත්ත්වයක ඇය සදහන් කරන්නෙ තමන් කිසිවිටෙකත් සම්පූර්ණයෙන්ම කොරෝනා වලින් තොර රටක් පවත්වාගෙන යෑමට අරමුණු කරනොගත් බවයි.
“අපි දැඩි සංචරන සීමා පනවා ආසාදිතයින් බිංදුවක් කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක බව පෙනෙන්නට නෑ ඒත් ඒ කාලයේදී අපිට එන්නත තිබුනේ නැහැ. නමුත් දැන් අපිට එන්නත් තිබෙනවා ඒ නිසා අපිට දැන් කටයුතු කළ විදිහ වෙනස් කරන්න හැකියාව ලැබෙයි,” යනුවෙන්ද ඇය මාධ්‍ය වෙත පවසා තිබිණි.
එසේම ඇය පවසා ඇත්තේ මේවන විට සාර්ථව එන්නත්කරනය සිදුකරමින් පවතින බැවින් ඉදිරියේදී එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලැබූ ජනගහනයෙන් සියයට 90ක් එන්නත්කරනයට ලක්වූ පසු සංචාරන සීමා ඉවත්කිරීමට පියවර ගන්නා බවයි.
මේ අතර, මේවන විටත් නවසීලන්තයේ එන්නත් ලබාගැනීමට සුදුසුකම් කියූ ජනගහනයෙන් සියයට 48ක් පමණ එන්නත් ලබාගෙන ඇති බවටද වාර්තා වේ.







