සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවසීලන්ත කණ්ඩයමට ඉතිහාසගත පරාජයක් උරුම කර අප ලෝක ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල 03 වැනි තැනට ගිය ගමන….

by editor
සැප්තැම්බර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • වසර 41ක ශ්‍රි ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලද ධරුණු පරාජය අද නවසීලන්ත කණ්ඩායම අත් විඳියි…

දෙවැනි මැච් එකත් දිනුම්ය. එය මහා විසාල දිනුමකි. ඉනිමකුත් ලකුණු 154ක් ඒ දිනුම විසාලය. ලකුණු 602ක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම මුල් ඉනිමේ ලකුණු 88කි. දෙවැනි ඉනිමේ ලකුණු 360කි. ඉනිම බේරා ගන්නත් ලකුණු 154ක් පසුපසය. මේ පරාජය ශ්‍රි ලංකා නවසිලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ බිහිසුණුම පරාජය ලෙස ඉතිහාසගත වන්නේය. 

2-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය දිනුම්ය.  කියන්නත් සතුටුය. පරාද කළේ ලෝකයේ හොඳම පිතිකරණ බලඇණියක් සහිත කණ්ඩායමකි. මේ තරගාවලිය පටන් ගන්නට පෙර  අපට වඩා ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වලදී බොහෝ ඉහළින් සිටි කණ්ඩායමකි.

මේ තරගාවලි ජයග්‍රහණය සමග ලබා ගත් ලකුණු 24 ශ්‍රි ලංකා කණ්ඩායම ඉහළමට ඔසවා ඇත. අප දැන් ඉන්නේ ලෝක ශ්‍රේණිගතකිරිම්ව 03 තැනය. නවසීලන්තය බංලාදේශයටත් පහළින් 07 වැනි තැනට විසිවි ඇත.

දකිමින් ඇත්තේ බොහෝ සුබ ලකුණුය. මැද පෙළ පිතිකාර යෞවනයා කමිඳු මෙන්ඩිස් ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තා සමකරමිනි. ඔහු ටෙස්ට් ඉනිම 13ක දී ලකුණු දහස ඉක්මවූ ලෝකයේ තුන්වන ක්‍රීඩකයා ය.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

මේ තරගයට නම් කළ ඕෆ් බ්‍රේක් පන්දු යවන උස කොල්ලා නිශාන් පීරිස් මංගල තරගයේදීම ඉනිම දෙකේ කඩුළු 09ක් ලබාගෙනය. දෙවැනි ඉනිමේ ඔහු කඩුළු 06ක් ලැබුවේය. ඒ ලකුණු 170කට ය. මුල් ඉනිමේ ඔහු කඩුළු 03ක් ලබා ගන්නේ ලකුණු 33ටකටය. ඉනිම දෙකේදීම ලකුණු 203ට කඩුළු 09කි. ප්‍රභාත් ජයසූරියත් ඉනිම දෙකේදීම කඩුළු 09කි. නිශාන් සිය මුල්ම තරගයේ දීම අපේ සුපිරි දඟපන්දු තරුව ප්‍රභාත් හා සම වූයේය.

දැන් අපි ලෝක අවධානයට ලක් වෙමින් ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියට ගමන් කරමින් සිටිමු.

තරග සාරාංශය

ශ්‍රි ලංකා කණ්ඩායම මුල් ඉනිමේ ලකුණු 602ක් ලැබුවේය. දැවී ගොස් තිබුනේ කඩුලු 05ක් පමණි. දිනේෂ් චන්දිමාල් ලකුණු 116කි. කුසල් මෙන්ඩිස් ලකුණු 106ක් ලැබුවේ නොදැවීය. අපේ අහසේ පෑයූ ක්‍රිකට් තරුව කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් ය. ඇන්ජි ලකුණු 88කි. දිමුත් 46කි. ධනා 44කි. තරගයේ දෙවැනි දිනය නිමා වූයේ එසේය.

මුල් ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්ත කණඩායමේ පළමු කඩුළු දෙක දෙවැනි දිනයේ දීම ලකුණු 22ක් බිඳ වැටිනි. ඉන් අනතුරුව තුන්වැනි දිනය වූ ඊයේ අප ගාලු පිටියේ දැක්කේ නවසීලන්ත ඛේදවාචකයකි. දිවා ආහාරයට පෙර මුල් ඉනිම ලෙස නවසීලන්ත කණ්ඩායම ලකුණු 88කට දැවී ගියේය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 42ට කඩුළු 6කි. නවක පන්දු යවන්නා වූ නිශාන් පීරිස් ලකුණු 33ට කඩුළු 03කි. මුල් ඉනිමේ නිශාන් සහ ප්‍රභාත් අතර ඇතිවූ අවබෝධාත්මක ප්‍රහාරය නවසීලන්ත පිතිකරුවන් බින්දුවට ම වැට්ටුවේය. නිශාන් ලකුණු නොදී පීඩනයක් දෙමින් පන්දු යැව්වේය. අනෙක් අන්තයෙන් ප්‍රභාත් තීරණාත්මක පන්දු යැවීමක යෙදෙමින් කඩුළු බිඳ දැම්මේය.

ධනාගේ උඩපන්දු රැකීම…

තුන්වන දිනයේ දිවා ආහාරයෙන් පසු නවසීලන්තයට තිබුණු ඉලක්කය ඉනිමක පරාජයෙන් බේරීම සදහා ලකුණු 514කි. පරාජය නළලේ කොටා තිබිණි.

තණතීරුව වෙනදා ගාලු තණ තීරුව මෙන් නොවීය. විශාල දඟකැවිම් නොවුණි. මුල් ඉනිමේ නවසීලන්ත බිඳවැටීම ඔවුන්ගේ මානසික බිඳවැටීමේ පිළිබිඹුවක්ම විය.

දෙවැනි ඉනිම සඳහා නවසිලන්ත කණ්ඩායම සිය උපක්‍රමය වෙනස් කළහ. ආක්‍රමණශීලී පිතිකරණයකට පිතිකරුවෝ මාරු වූහ. එහි ප්‍රතිඵල පෙනුනි. ඩෙවොන් කොන්වොයි ලකුණු 62ක් ලැබුවේය. ඒ පන්දු 62ක දී ය. කේන් විලියම්සන් ලකුණු 46ක් ලැබුවේය. ටොම් බ්ලන්ඩල් ලකුණු 60කි. ග්ලෙන් පිලිප් ලකුණු 78කි. මිචෙල් සැන්ට්නර් ලකුණු 67කි. අංක 10 ක්‍රිඩක අජාස් පටෙල් ද ලකුණු 22ක් ලැබුවේය.

ලකුණු 360ක නවසීලන්ත ඉනිම නිමා විය. දඟපන්දුකාරයින් දෙදෙනා ස්වකීය භූමිකා වෙනස් කරගෙන තිබිණි. ප්‍රභාත් ලකුණු ලබා දීම ආවරණය කරමින් සිටියේය. නිශාන් කඩුළු බාඳ දැම්මේය. මේ ඉනිමේ ප්‍රභාත් කඩුළු 03කි. ලකුණු 139ක් ලබා දී තිබිණි. නිශාන් කඩුළු 06කි. ඒ ලකුණු 170ක් තුළය.

තරගයේ වීරයා කමිඳු ය. තරගාවලියේ වීරයා ප්‍රභාත්ය.

ලෝක කුසලානයේ අප ඉන්න තැන

දැනට නම් දකින්නත් ආසා හිතෙන්නේය. කණ්ඩායමකට ලකුණු එක් වන්නේ මෙසේය. ජයග්‍රහණයක් සඳහා ලකුණු 12කි. ලකුණු සංඛ්‍යාව සම වීමක් වෙනුවෙන් කණඩායම් දෙකටම ලකුණු 06 බැගිනි. ජයපරාජයෙන් තොරව නිමවන සෑම තරගයකදීම කණ්ඩායම් දෙකට හිමිවන ලකුණු ප්‍රමාණය එක් කණ්ඩායමකට ලකුණු 4 බැගිනි. විශේෂිත තත්ත්වයකින් තොරව දිනකට යැවිය යුතු පන්දු ඕවර ප්‍රමාණය සහ වේගය අඩුවීම කණ්ඩායමක ලකුණු කපා දැමීමට හේතු වන්නේය.

කණ්ඩායම් ශ්‍රේණිගත වන්නේ ලකුණු ලබා ගැනීමේ ප්‍රතිශතය අනුවය. ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක 2025 වසරේ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය සඳහා තරග වදින්නේය. 2023- 2025 ටෙස්ට් ශූරතා සටහනට අදාල ශ්‍රේණිගතකිරීම අනුව අප ඉන්නේ ලෝකයේ 03වන තැනය.  මේ තරගාවලි ජයග්‍රහණය සමග අපට  ලකුණු 24 හිමිය.     අප තරග 09ක් ක්‍රීඩා කර ඉන් 05ක් ජයගෙන ඇත. 04ක් පරාදය.

මුල් තැන ඉන්දියාවය. ඉන්දියාව මේ කාර්තුවේ දී තරග 10ක් ක්‍රීඩාකර 07ක් ජයගෙන තිබේ. පරාජය වී ඇත්තේ තරග 02ක් පමණි. තරගයක් ජය පරාජයෙන් තොරය.

දෙවැනි තැන ඔස්ට්‍රේලියාවය. තරග 12ක් ක්‍රීඩා කර තිබේ. ඉන් තරග 08ක් ජයගෙනය. තරග 03ක් පරාදය. එකක් ජය පැරදුමෙන් තොරය. ලංකාවට එන්නට පෙර සිවුවන තැන සිටි නවසීලන්ත කණ්ඩායම 07 වැනි තැනට විසිවී ඇත. තරග 08ක් ක්‍රීඩා කර තිබේ. තුනක් දිනුම්ය. 05ක් පරාදය.

ශ්‍රී ලංකා නවසිලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුල්ම ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ අදින් වසර 41කට පෙරය. තරගය පැවැත්වූයේ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි දී ය. ශ්‍රී ලංකා පිල ඉනිමකින් සහ ලකුණු 25කින් පැරදුනේය.

එදා සිට අද දක්වා අප නවසීලන්ත කණ්ඩායම සමග ටෙස්ට් තරග 40ක් ක්‍රීඩා කර තිබේ. ඉන් 18ක් ජය ගත්තේ නවසීලන්ත කණ්ඩායමය. 11ක් ජය පරාජයෙන් තොර තරගය. තරග 11ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණඩායමට එරෙහිව මුල්ම ජයග්‍රහණ වාර්තා කරන්නේ 1992 වසරේ දෙසැම්බර් මස මස 06 වැනිදාය. ශ්‍රි ලංකා නායකයා අර්ජුණ රණතුංගය. නවසීලන්ත නායකයා මාර්ටින් ක්‍රෝ ය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09කින් දිනුවේය. ලකුණු 93ක් රැස් කර කඩුළු රකින ක්‍රීඩකයා ලෙස උඩ පන්දු 07ක් රැකගත් හෂාන් තිලකරත්න තරගයේ වීරයා විය.

අද නිමා වූ තරගය ශ්‍රී ලංකා නවසීලන්ත තරග අතර වාර්තාවකි. මෙම තරග 40 තුළම කණ්ඩායමක් බිහිසුණුම පරාජය ලැබුවේ අදය. ඒ නවසීලන්ත කණ්ඩායම ලද ඉනිමකුත් ලකුණු 154ක පරාජය ය. මින් පෙර කණ්ඩායම් ධරුනුම පරාජය ලෙස වාර්තා වූයේ වර්ෂ 2019 අගෝස්තු 22-26 දක්වා කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකාව පරදවා නවසීලන්තය ලත් ජයග්‍රහණය ය. එහි දී නවසීලන්තය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළේ ඉනිමක් සහ ලකුනු 65කිනි.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වහ දමා කෙස් හැලු මිනුන්ගොඩ සැලොන් කඩේ හිමිකාරියගේ අපේක්ෂිත ඇප අධිකරණයෙන් ප්‍රතික්ෂේප වෙයි!

Next Post

සාපෙළ මුල් තැන දිනූ ගාල්ල සංඝමිත්තාවේ හිරුණි දුව හමුවන්නට ගියෙමු…..

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.