දැනට ක්‍රියාත්මක වන සහ අනාගතයේදී ස්ථාපිත කිරීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මෙහෙයුම් ක්‍රියා පටිපාටිය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව ඊලඟ පාර්ලිමේන්තුවේ දී අනුමත කරගැනීමට අපේක්ෂා කෙරේ.
නිර්නාමිකව පෙනී සිටින නිලධාරියෙක් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරන්නේ මේ වන විට රට තුළ උපාධි පිරිනමන පෞද්ගලික ආයතන 20 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මකවන බවයි.
ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරන අතරම එවැනි පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට පසුගිය කාලයේ බලයට පත් වූ රජයන් උත්සාහ කළේය. කෙසේ වෙතත්, පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය දිරිගැන්වීමට එරෙහිව විවිධ ශිෂ්‍ය ව්‍යාපාරවල විරෝධය නිසා එවැනි උත්සාහයන් ව්‍යර්ථ විය.
වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල නියාමනය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගිනි. කෙසේ වෙතත්, රාජ්‍ය නොවන හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන උපාධිවල ගුණාත්මක බව සහතික කිරීමට එයට කිසිදු අධිකාරියක් නොමැත.
නව රජය ක්‍රියාත්මක කිරීමට යන පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය යනු පුද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීම, උපදේශකත්වය සහ ප්‍රතීතනය කිරීම සහ පිරිනමනු ලබන අධ්‍යයන වැඩසටහන් වල ගුණාත්මක බව සහතික කිරීම සහිත පුළුල් එකකි.
එම මෙහෙයුම් පටිපාටිය දැනට ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී පිහිටුවීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අදාළ වනු ඇති බව එම නිලධාරියා කීවේය.







