අද (18) නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාවට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගී නොවීම විශේෂ අවධානයකට ලක් වී තිබේ.
පැරණි කැබිනට් ඇමතිවරු ගණනාවක් මෙම අවස්ථාවට සහභාගී වී නැති බවත්, කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අවස්ථාවට පැමිණි පැරණි මන්ත්‍රීවරුන් සිවු දෙනෙක් ඉන් අනතුරුව වහාම අගමැතිවරයා හමුවීමට ගොස් ඇතැයි ද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් නව කැබිනට් මණ්ඩලයට එරෙහිව අභ්‍යන්තරයේ විශාල විරෝධයක් ඇතිවෙමින් තිබෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
ඊයේ මෙම කැබිනට් මණ්ඩලය සම්බන්ධව ඇතිවූ අවසන් සංවාදයේදීම අගමැතිවරයා ඊට විරෝධය පලකර තිබුණු අතර මෙහෙම ගියොත් තමන්ටත් ස්වාධීන වීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කර තිබිණි.
දැන් මේ විසංවාදයේ උග්‍ර වෙමින් ඇති බව දැනගන්නට ඇත. හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් පවසා ඇත්තේ මේ කැබිනට් මණ්ඩලය සමග එක් මාසයක් රට දිව්වොත් පුදුමයක් බවය.
ලංකාසරට අදහස් දක්වමින් ඇමති මණ්ඩලය පිළිබඳව ප්‍රකාශයක් කළ හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති සරත් වීරසේකර පැවසුවේ කිසිම වැඩපිළිවෙළක් සම්බන්ධව අදහසක් නැති මෙම කැබිනට් මණ්ඩලය අර්බුදය මතට එලූ පැලැස්තරයක් යැයි කීවේය.







