බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නඩු විභාගයකට මුහුණදීමට මානසික මට්ටමක් නැහැ: ඩේසි ආච්චි මැණික් මල්ලේ නඩුවෙන් නිදහස්!

by editor
පෙබරවාරි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට නඩු විභාගයකට මුහුණදීමට තරම් සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී තිබේ.

ඒ අනුව ඇයව අදාළ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළේය.

පසුගිය නඩු වාරයේ දී  විත්තිකාරියගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත නියෝග කර තිබුණි. ඒ අනුව කැඳවා තිබූ විශේෂ මානසික වෛද්‍ය වාර්තාව අද දින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර   විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එම වාර්තාව මගින් විත්තිකාර ඩේසි ෆොරස්ට්  නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික මට්ටමක පසුවන්නේ නැති බවට වෛද්‍ය නිර්දේශ නිකුත් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, ඇයට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනාවලින් ඇය නිදහස් කිරීමට නියෝග කළේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඩේසි ෆොරස්ට් ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ රුපියල් මිලියන ගණනක වටිනාකමකින් යුත් ඉඩමක් මිළදී ගැනීම සඳහා වැය කළ මුදල් උපයා ගත් ආකාරය හෙළි නොකිරීම ඇතුළු මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ එල්ල වූ චෝදනාවලට අදාළවය.  මෙය රටම හිනැස්සු කුප්‍රකට ඩේසි ආච්චිගේ මැණික් මල්ල සිද්ධිය සම්බන්ධ නඩුවය.

මෙම නඩුවට පාදක වූයේ රත්මලාන ප්‍රදේශයෙන් රුපියල් මිලියන ගණනක වටිනාකමකින් යුත් ඉඩමක් මිළදී ගැනීම සඳහා ඩේසි ෆොරස්ට්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳවයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) ඇයව ගෙන්වා ඇයගෙන් ප්‍රශ්න කිරීමේ දී  ඇය ලබා දුන් ප්‍රකාශය වූයේ  නාඳුනන පුද්ගලයෙකු පැමිණ ඇයට මැණික් මල්ලක් ලබා දුන් බවය. පසුව එම පුද්ගලයාම නැවත පැමිණ, මැණික් මල්ල ආපසු රැගෙන ඒ වෙනුවට ඇයට රුපියල් කෝටි ගණනක මුදල් මල්ලක් ලබා දුන් බව ඇය කීවාය.

එම මුදල් භාවිතා කරමින් ඇය රත්මලාන ප්‍රදේශයෙන් රුපියල් මිලියන 34කට ආසන්න වටිනාකමකින් යුත් ඉඩමක් මිලදී ගත් බවත්  පසුව එම ඉඩම මුණුබුරෙකු වන යෝෂිත රාජපක්ෂ ට පැවරූ බවත් ඇය ප්‍රකාශ කළාය.

එම මැණික් ලබාදුන් පුද්ගලයා කවුරුන්ද යන්න හෝ මැණික් අලෙවි කළ ආකාරය පිළිබඳව නිසි සාක්ෂි ඉදිරිපත් කිරීමට එදා අපොහොසත් වීම හේතුවෙන් මෙය ‘ ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ අභිරහස’ ලෙස පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සුරේෂ් සලේගෙන් CIDය පැය 72ක තීරණාත්මක ප්‍රශ්න කිරීමක: ‘මහ මොළකරු’ ගැන තොරතුරු ලැබෙතැයි පොලිසිය විශ්වාසය පළ කරයි

Next Post

අත් අඩංගුවට ගත්තේ රටේ හිටපු බුද්ධි ප්‍රධානියා… කිසි දෙයක් හංගන්නේ නෑ… අවශ්‍ය වෙලාවෙදි දැනගත යුතු කරුණු මාධ්‍යයට හෙළි කරනවා… පොලිසිය කියයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.