ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව ට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ නඩුවේ තීන්දුව ලබාදීමට නියමිත අද(19) දිනයේ අධිකරණයේ පෙනී නොසිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් වරෙන්තු නිකුත් කළේය.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් කොළඹ රෝහලක ප්‍රතිකාර ගනිමින් පසුවන නිසා අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව සඳහන් කළත් මතු වූ කරුණු සලකා බැලූ අධිකරණය නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇපකරුට නොතීසි ද නිකුත් කළේය.
නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 09 වනදා තෙක් කල් තැබීමට ද අධිකරණය නියෝග කළේය.
2016 ජූලි මස අටවෙනි දින කිරුළපන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවටත් චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මෙම නඩුව පවරා තිබිණි.







