අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“දොස්තර මාරුවීම් කරද්දී රටේ අවශ්‍යතාවත් බලන්න”

රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය කියයි

by Lanka Sara Editor
ජනවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වනවිට සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව 19000ක් පමණ වන අතර එයින් 11000ක් පමණ ස්ථානගතව ඇත්තේ කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල බව රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන් 8000ක් පමණ සෙසු සියළු දිස්ත්‍රික්කවල රාජකාරී ආවරණය කරන අතර ඇතැම් දිස්ත්‍රික්කවල පවතින බරපතල වෛද්‍ය හිඟය නිසාම සමහර අවස්තාවල වෛද්‍යවරුන් ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කරන තත්වයට පත්වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

පවතින තත්ත්වය මත වෛද්‍ය පත්කිරීම් සහ ස්ථානමාරු වෘත්තිය සමිති නායකයින්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමට පමණක් නොව, රටේ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“නවක වෛද්‍යවරුන්ගේ පත්වීම් සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවලට දේශපාලන මැදිහත්වීම් නොකරන ලෙස ඉල්ලා සිදුකරන ලද වෘත්තිය සමිති ක්‍රියාමාරගයක් නිසා පසුගිය දිනවල රට පුරා රෝගී සත්කාර සේවාවලට බාධා පැමිණුනි. රෝගීන් අපහසුතාවයට පත්වූ මෙම තත්වය පිළිබදව අප සංගමයේ අවධානය යොමුවිය.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ පත්වීම්, උසස්වීම් සහ ස්ථානමාරු පටිපාටියට දේශපාලන හෝ වෘත්තිය සමිති බලපෑම් කිසිවිටකත් එල්ල නොවිය යුතු බව අප සංගමයේ අදහසයි.

නවක වෛද්‍යවරුන්ගේ පත්වීම් සිදුවිය යුත්තේ සෞඛ්‍ය සේවාවේ මේ වනවිට පවතින පුරප්පාඩු නිවැරදිව හඳුනාගෙන, ප්‍රමුඛතා අනුපිළිවෙලට අනුව ඒවා සපුරාලීම මගිනි. අත්‍යවශ්‍ය පුරප්පාඩු සපුරාලීමෙන් පසුව, ස්ථාන මාරු අපේක්ෂාවෙන් සිටින වෛද්‍යවරුන් සඳහා අනුප්‍රාප්තිකයින් ලබාදීම සිදුකල හැකිය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවද ප්‍රකාශ කර ඇති පරිදි, නවක වෛද්‍ය පුරප්පාඩු ලේඛන සකස් කිරීමේ ක්‍රියාවලිය වෘත්තිය සමිතිවල කාර්‍යභාරයක් නොවේ.

නවක වෛද්‍ය පත්වීම් සඳහා දේශපාලන බලපෑම් සිදුවන බවට හඬ නගන වෘත්තිය සමිති නායකයින්, එම බලපෑම් මොනවාදැයි නිශ්චිතව සඳහන් කිරීමට අපොහොසත් වී ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය තුල පවත්වාගෙන ගිය වෘත්තිය සමිති කාර්‍යාලයක් ඉවත් කිරීම මෙම ගැටුමට හේතු වූ බවයි.

ස්වාධීන නිරීක්ෂකයින් වශයෙන් මෙම අර්බුදයට සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරීන් මෙන්ම ඇතැම් වෘත්තිය සමිති නායකයින්ද වගකිවයුතු බව අපගේ අදහසයි.
වෘත්තිය සමිති පනත යටතේ ලියාපදිංචි වී ඇති ඕනෑම වෘත්තිය සමිතියක මුඛ්‍ය පරමාර්ථය තම වෘත්තියේ හෝ සේවාවේ අයිතිවාසිකම් රැකගැනීම සහ ප්‍රවර්ධනයයි.

එම මුඛ්‍ය අරමුණු පසෙකලා, දේශපාලන කටයුතුවලට මැදිහත්වීම වෘත්තිය සමිතියක ස්වාධීනත්වය අහෝසි කරගැනීමකි. ජාතික වැදගත්කමක් ඇති කරුණු වලදී වෘත්තිය සංගමයක මතය, එම සංගමයේ විෂය පථයට අදාල නොවුනත්,ප්‍රකාශ කිරීම වරදක් නොවූවත්, පක්ෂක්ග්‍රාහීව පටු අරමුණු සදහා වෘත්තිය සමිති යොදා ගැනීම අප තරයේ හෙලා දකිමු.

නව වෛද්‍ය පත්වීම් මෙන්ම වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ඇතැම් වෘත්තිය සමිති නායකයින්ගේ අභිමතය පරිදි කරගෙන යෑමට හිටපු සෞඛ්‍ය ඇමතිතුමිය ඉඩ ප්‍රස්තා ලබා දී තිබූ අතර, එම නිසා බොහෝ වෛද්‍යවරුන් අපහසුතාවයට පත්වූ බව අපට වාර්තා වී ඇත.

2021 වර්ෂය සඳහා සකස්කල ශ්‍රේණි වෛද්‍ය නිළධාරීන්ගේ වාර්ෂික ස්තානමාරු ලැයිස්තුවේද අක්‍රමිකතා රැසක් ඇති බව අප වෙත වාර්තා වී ඇත. නීති විරෝධී re-attachment නමැති ක්‍රමවේදයක් මගින් තෝරාගත් වෛද්‍යවරුන් පිරිසක් ස්ථානමාරු හරහා මුදවා නොහැර අදාල සේවා ස්ථානයේම වසර ගණනාවක් රඳවාගෙන ඇත. මේ අතර, ඇතැම් වෛද්‍යවරුන් බලහත්කාරයෙන් ස්තාන මාරුවීම් හරහා මුදාහැර ඇත. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇතැම් වෘත්තිය සමිති නායකයින්ගේ උවමනාව මත සිදුවී ඇති බව අපට දැනගන්නට ලැබී ඇත.

තවද, වර්තමානයේ ක්‍රියාත්මක වන වෛද්‍ය නිලධාරීන්ගේ සථානමාරු පටිපාටිය 2001 වර්ෂයේ ආරම්භකල යල්පැනගිය ක්‍රියාවලියකි. මෙම පත්කිරීම සහ මාරු කිරීමේ ක්‍රමවේදය නිසාම රට පුරා වෛද්‍යවරුන් බෙදී යාමේ බරපතල අසමතුලිතතාවක් නිර්මාණය වී ඇත.

වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවය කරන වෛද්‍යවරුන් සංඛ්‍යාව 19000ක් පමණ වන අතර එයින් 11000ක් පමණ ස්ථානගතව ඇත්තේ කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවලය. වෛද්‍යවරුන් 8000ක් පමණ සෙසු සියළු දිස්ත්‍රික්කවල රාජකාරී ආවරණය කරති. ඇතැම් දිස්ත්‍රික්කවල පවතින බරපතල වෛද්‍ය හිඟය නිසාම සමහර අවස්තාවල වෛද්‍යවරුන් ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කරන තත්වයට පත්වී ඇත.

ඉහත කරුණු සලකා බලා වෛද්‍ය පත්කිරීම් සහ ස්ථානමාරු වෘත්තිය සමිති නායකයින්ගේ ග්‍රහණයෙන් මුදාගැනීමට පමණක් නොව, රටේ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බව අප සංගමයේ මතයයි.” යැයි ද රජයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන කුණු පොහොර ටිකට ඩොලර් වන්දිය ගෙවයි!.. වන්දිය ඩොලර් හැට හත් ලක්ෂ අනූ දාහයි…

Next Post

ළදැරියකගේ ජීවිතය බේරා ගත් ට්‍රැෆික් රාළහාමිලා ඇගැයීමට….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.