චීන පොහොර නැවේ වන්දිය ලෙස ඇමරිකානු ඩොලර් හැට හත් ලක්ෂ අනූ දහසක මුදල මීට ස්වල්ප වෙලාවකට පෙර මහජන බැංකුව විසින් චීන පොහොර සමාගමට ගෙවනු ලැබුවේය.
ව්‍යාධි ජනක බැක්ටීරියා සහිත පොහොර තොගය රටේ ප්‍රමිතිය ප්‍රකාරව ප්‍රතික්ෂේප වීම නිසා චීන සමාගම විසින් ඇති කළ අර්බුදය සමතයට පත් කරගැනීමට මෙම වන්දිය ගෙවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.
දින 70ක් ශ්‍රී ලංකාව අවට මුහුදේ රැඳී සිටිමින් චීන නෞකාව සිංගප්පූරුවට ගමන් කර ජාත්‍යාන්තර බේරුම්කරණයක් සඳහා යොමු වුන අතර මෙම පොහොර තොගයට ගෙවීම් කිරීම අත්හිටුවන ලෙස කොළඹ වාණිජ මහාධිකරණයෙන් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරගැනීම සඳහා පැමිණිලිකාර රජයේ පොහොර සමාගම් දින දෙකකට පෙර සිය නඩුව ඉල්ලා අස් කරගත්තේය.
කියවන්න…
චීන කුණු පොහොර තොගයට ඩොලර් ලක්ෂ හැට හතක් වන්දි ගෙවන්නේ අදයි….