ශ්‍රියානි විජේසිංහ –
-
දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි රූපලාවන්‍යකරුවන්ට, කට්ඬියන්ට, පුසාරියන්ට, ආරූඪයෙන් ශාස්ත්‍ර කියන උන්ට දේශීය වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචිය දීලා… හොරවෙද්දුන්ට වැඩිම ලියාපදිංචිය දුන්නේ මේ ඇමති බව සුදුසුකම් ලත් දේශීය වෛද්‍යවරු කියති…
හොර ආයුර්වේද වෛද්‍යවරුන් 5,000 ක් පමණ සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි ඊයේ (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකදී පැවසුවද මෙම හොර ආයුර්වේද වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබා දීමට කටයුතු කරන්නේද ඇමතිවරයා විසින්ම යැයි පශ්චාත් උපාධිධාරී රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.
සාමාජ තුළ මේ වන විට හොර වෛද්‍යවරුන් 5000ට අධික පිරිසක් ආයුර්වේද යැයි කියා ගන්නා වෛද්‍ය කර්මයක නියැලී සිටින බව සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර් කුලතිලක පෙන්වාදේ.
හොර වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඇමිතිවරයා කරන ප්‍රකාශ සේවාවේ සාමාජිකයින් ලෙස තමන්ට දැනෙනුයේ හාස්‍යයක් යැයිද “ මිනිමරුවා මළ ගෙදර ගියා වාගේ“ යන්න පැරණි කියමන මතකයට නැගෙන්න බවත් හෙතෙම පවසා සිටියි.
මේ වන විට රූපලාවන්‍යකරුවන්, කට්ටඩියන්, පූසාරියන්, දේවාල කපුවන්, ආරුඪකරුවන්, විශ්‍රාමිකයන්, රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ලියාපදිංචිය ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති බවද වෛද්‍ය කුලතිලද පවසා සිටියි.
හොර වෛද්‍යවරුන් වැඩිම පිරිසකට ලියාපදිංචිය ලබා දීමට කටයුතු කර ඇත්තේ වත්මන් දේශීය රාජ්‍ය ඇමතිවරයාගේ පාලන කාලය තුළ බවත් එම සංඛ්‍යා ලේඛණයන් කොපමණද යන්න පිලිබඳව තම සංගමය කීප අවස්ථාවකදී ආයුර්වේද වෛද්‍ය සභාවෙන් සහ එහි නිලධාරීන් පිරිසගෙන් ඉල්ලීම් කලද ඔවුන් එය ලබා දීමට කටයුතු නොකළ බවත් වෛද්‍ය චමල් හෙළිදරව් කළේය.
වසර 2000 සිට 2022 ක කාලය තුළ ලියාපදිංචිය ලබා දුන් වෛද්‍යවරුන්ට වඩා වැඩි පිරිසක් වසර 2022න් පසුව ගත වූ වසර කිපය තුළදී වත්මන් රාජ්‍ය ඇමතිවරයා යටතේ ලියාපදිංචිය ලබා දී ඇති බවද ඔහු පෙන්වාදේ.
ඇමතිවරයාගේ බලතල පාවිච්චි කර ආයුර්වේද පනත වෙනස් කරමින් විධිමත් අධ්‍යාපනයක් නොමැති විධිමත් ක්‍රමවේදයක් නොමැතිව පාරම්පරික් ආයුර්වේද වෛද්‍යවරුන් බඳවා ගැනීමට කටයුතු කර ඇති බවද වෛද්‍ය චමල් පෙන්වාදේ.
වයස අවුරුදු 50දී ලබා දුන් පාරම්පරික ලියාපදිංචිය ඇමතිවරයා අවුරුදු 45 දක්වා අඩුකල බවත් අවුරුදු 45 වැඩි පුද්ගලයෙක් පාරම්පරික ලියාපදිංචිය ඉල්ලන්නේ නම් ඔහුගෙන් වාචික ප්‍රශ්න කීපයක් අසා ලියාපදිංචිය ලබා දීමටත් වයස අවුරුදු 45ට අඩුකෙනෙක් ලියා පදිංචිය ඉල්ලන්නේ නම් ඔහුට වාචිය හා ලිඛිත ප්‍රශ්න කීපයක් යොමුකර ලියාපදිංචිය ලබා දීමටත් කටයුතු කර ඇති බව සභාපතිවරයා පැවසුවේය
ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කරන මුල් පුරුක වත්මන් රාජ්‍ය ඇමතිවරයා යැයිද ඔහු පවසා සිටියි.







