බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති  ඇමති වෙදකම නසන හැටි පශ්චාත් උපාධිධාරි දේශිය වෛද්‍යවරු කියති!

by editor
ජූනි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                                     

  • දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි  රූපලාවන්‍යකරුවන්ට, කට්ඬියන්ට, පුසාරියන්ට, ආරූඪයෙන් ශාස්ත්‍ර කියන උන්ට දේශීය වෛද්‍යවරුන් ලෙස ලියාපදිංචිය දීලා…  හොරවෙද්දුන්ට වැඩිම ලියාපදිංචිය දුන්නේ මේ ඇමති බව සුදුසුකම් ලත් දේශීය වෛද්‍යවරු කියති… 

හොර ආයුර්වේද වෛද්‍යවරුන් 5,000 ක් පමණ සිටින බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි   ඊයේ (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රෙය් පැවති මාධ්‍ය හමුවකදී  පැවසුවද මෙම හොර   ආයුර්වේද වෛද්‍යවරුන්ට  ලියාපදිංචිය ලබා දීමට කටයුතු කරන්නේද  ඇමතිවරයා  විසින්ම යැයි  පශ්චාත් උපාධිධාරී  රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි.

සාමාජ තුළ මේ වන විට  හොර වෛද්‍යවරුන් 5000ට අධික පිරිසක් ආයුර්වේද යැයි කියා ගන්නා වෛද්‍ය කර්මයක නියැලී සිටින බව සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර් කුලතිලක  පෙන්වාදේ.

හොර වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඇමිතිවරයා කරන ප්‍රකාශ  සේවාවේ සාමාජිකයින් ලෙස තමන්ට  දැනෙනුයේ හාස්‍යයක් යැයිද “ මිනිමරුවා මළ ගෙදර ගියා වාගේ“ යන්න පැරණි කියමන මතකයට නැගෙන්න බවත් හෙතෙම පවසා සිටියි.

මේ වන විට රූපලාවන්‍යකරුවන්, කට්ටඩියන්, පූසාරියන්, දේවාල කපුවන්, ආරුඪකරුවන්, විශ්‍රාමිකයන්, රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් පාරම්පරික ආයුර්වේද වෛද්‍ය  ලියාපදිංචිය ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති බවද වෛද්‍ය කුලතිලද පවසා සිටියි.

හොර වෛද්‍යවරුන් වැඩිම පිරිසකට ලියාපදිංචිය ලබා දීමට කටයුතු කර ඇත්තේ වත්මන් දේශීය රාජ්‍ය ඇමතිවරයාගේ පාලන කාලය   තුළ බවත් එම සංඛ්‍යා ලේඛණයන් කොපමණද යන්න පිලිබඳව තම  සංගමය කීප අවස්ථාවකදී ආයුර්වේද වෛද්‍ය සභාවෙන් සහ එහි නිලධාරීන් පිරිසගෙන් ඉල්ලීම් කලද ඔවුන් එය ලබා දීමට කටයුතු නොකළ බවත්  වෛද්‍ය චමල් හෙළිදරව් කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

වසර 2000 සිට 2022 ක කාලය තුළ  ලියාපදිංචිය ලබා දුන්  වෛද්‍යවරුන්ට වඩා වැඩි පිරිසක් වසර 2022න් පසුව ගත වූ වසර කිපය තුළදී වත්මන් රාජ්‍ය ඇමතිවරයා යටතේ  ලියාපදිංචිය ලබා දී ඇති බවද ඔහු පෙන්වාදේ.

ඇමතිවරයාගේ බලතල පාවිච්චි කර ආයුර්වේද පනත වෙනස් කරමින් විධිමත් අධ්‍යාපනයක් නොමැති විධිමත් ක්‍රමවේදයක් නොමැතිව පාරම්පරික් ආයුර්වේද වෛද්‍යවරුන් බඳවා ගැනීමට කටයුතු කර ඇති බවද වෛද්‍ය චමල් පෙන්වාදේ.

වයස අවුරුදු 50දී ලබා දුන් පාරම්පරික ලියාපදිංචිය   ඇමතිවරයා   අවුරුදු 45 දක්වා අඩුකල බවත්  අවුරුදු  45  වැඩි පුද්ගලයෙක් පාරම්පරික ලියාපදිංචිය ඉල්ලන්නේ නම් ඔහුගෙන්   වාචික ප්‍රශ්න කීපයක් අසා  ලියාපදිංචිය  ලබා දීමටත් වයස අවුරුදු 45ට අඩුකෙනෙක් ලියා  පදිංචිය ඉල්ලන්නේ නම්  ඔහුට  වාචිය හා ලිඛිත ප්‍රශ්න කීපයක් යොමුකර ලියාපදිංචිය ලබා දීමටත් කටයුතු කර ඇති බව සභාපතිවරයා පැවසුවේය

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කරන මුල් පුරුක වත්මන් රාජ්‍ය ඇමතිවරයා යැයිද ඔහු පවසා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි

Next Post

ශ්‍රීලනිප සිරිපාල පාර්ශවයේ විධායක සභාව රැස්වෙයි… සභපති සිරිපාල… මහ ලේකම් දුමින්ද ….

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.