දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාවට ඒකමතිකව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අදාළ යෝජනා අද (28) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණි.
එහිදී එම යෝජනා කැබිනට් මණ්ඩලය ඒකමතිකව අනුමත කර ඇති බව සඳහන්ය.
ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ එළියේ කතාබහට ලක්ව ඇති කිසිම බියජනක කාරණයක් මෙම ණය ප්‍රතිව්‍යුගතකිරීමේ දී සිදු නොවන බවත්, ඊපීඑෆ්, ඊටීඑෆ්, රක්ෂණ අරමුදල්, විශ්‍රාමික අරමුදල්, බැංකු තැන්පතුවලට මේ ප්‍රතිව්‍යුගත කිරීමෙන් කිසිම හානියක් නොවන බවත්ය.
අද මෙම ණය ප්‍රතිව්‍යුගතකරණය නොකළහොත් රට තවත් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
මේ සත්‍ය අවබෝධ කර දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා තිබේ. එමෙන්ම මෙම යෝජනාවලියට කැබිනට් මණ්ඩලය තුළ කිසිවෙක් විරුද්ධ මතයක් දරන්නේ නම් නොවලහා එය ඉදිරිපත් කරන ලෙසත් සංවාදයක් තුලින් නිවැරදිම දේ සිදුකළ හැකි බවත්ය.
එහෙත් කැබිනට් මණ්ඩලයේ කිසිම විරෝධතාවයක් මතු වී නොතිබිණි.
ඒ අනුව, මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත යොමු කර එළඹෙන සෙනසුරාදා දින පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තුවේදී රැස්වීමේදී විවාදයට ගැනීමට නියමිතය.







