බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු නාවා ගෙට ගන්න ගිහින් නලින්ද පීනසේ හදා ගන්නා හැටි…

by editor
මාර්තු 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර දිසානායක සහෝදරයා විපක්ෂයේ සිටිද්දී අවධාරණය කළ කාරණාවක් තිබිණි. 

” මේ රටේ පොලිසිය ඉන්නේ අතිශය දක්ෂ විමර්ශන නිලධාරින්. යම් කිසි ආකාරයක විමර්ශනයක් සිදුනොවනවා නම්, යට යනවා නම් ඉන් අදහස් කරන්නේ නිලධාරීන්ගේ අදක්ෂතාවය නොවෙයි. ඉන් කියන්නේ ඒ සිදුවීම පසුපස දේශපාලන හස්ථයක් තියන වගයි…”

ඒ කතාව ඇත්තම ඇත්ත බව අනුර සහෝදරයාගේ ආණ්ඩුවත් දැන් අපට තහවුරු කරන්නේය. රටේ පොලිස්පති දැන. දවස් 12ක් පුරා නැත. පොලිසියට පොලිස්පති හොයාගන්නට බැරි බව අද කැබිනට් මාධ්‍ය හමුවට ඇවිත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස සහෝදරයා කියනකොට අම්මාපල්ල විලි ලජ්ජා හිතුනේය. ජයතිස්ස සහෝදරයා දේශබන්දුව අත් අඩංගුවට ගැනීම සඳහා අපෙන් ඔත්තු ඉල්ලන්නේය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී වෙච්චි කතාව ඒ විදිහටම ලියන්නේ සිද්ධවෙමින් ඇති දේ තේරුම් ගන්නටය. අපේ ඡන්දයෙන් ඡ මේ ආණ්ඩුව පත් කරගත්තේ රට ඉස්සරහා හෙළුවෙන් නාන ආකාරය බලන්න කියා නම් එක මොහොතක් හිතුවේ නැති බව කණගාටුවෙන් ලියා තැබිය යුතුය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී දේශබන්දු ගැන මාධ්‍ය ප්‍රශ්න කළේය.

මාධ්‍ය – දේශබන්දු තෙන්නකෝන් හැංගිලා දවස් 12ක්. තවම ඔහුගේ වැඩ තහනම් කිරීම හෝ අනිවාර්ය නිවාඩු යැවීම කළේ නෑ. ඇයි එහෙම වෙන්නේ.  අත් අඩංගුවට ගන්න ඕන නෑ. තව ටික දවසක් ඔහොම්ම ඉඳියි කියලා අධිකරණය කිව්වා. සුනිල් වටගල ඇමති කියනවා දේශබන්දු ඉන්න තැන දන්නවා කියලා. එහෙනම් ඇයි අත් අඩංගුවට ගන්නේ නැත්තේ. අනික සමාජයේ මතයක් තියනවා ටිරාන් අලස් එක්ක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ තද බැඳීමක් තියනවා. ඒ නිසා මේ අත් අඩංගුවට ගැනීම වෙන්නෙ නෑ කියලා. චම්පික රණවක ඒක ප්‍රසිද්ධියෙ කිව්වා. ඒ ගැන යමක් කිව හැකි ද?. අනික ජනතාව අතර මතයක් තියනවා දේශබන්දු ඉන්නේ ටිරාන්ගේ ගෙදර කියලා. ඒ නිවස පරීක්ෂා කරලා තියනව ද?

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක – ඒව පරීක්ෂා කරාවි. ආණ්ඩුවෙ අරමුණ එයා අත් අඩංගුවට ගැනීම. තවමත් ඔහුව හම්බ වෙලා නෑ. අපටත් අවශ්‍ය අපේ පොලිසිය හා බුද්ධි අංශ කාර්යක්ෂමව වැඩ කරලා මේ අය අත් අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන එක. දේශබන්දු විතරක් නෙමෙයි තව නම දන්න සහ නොදන්න අය ගැන පොලිසියෙන් සොයමින් ඉන්නවා. සමහර අය ගැන මේ සාකච්ඡාවෙන්නෙ නෑ. ඒ අය අත් අඩංගුවට ගැනීමට ක්‍රියාවලියක් දියත් වෙමින් පවතිනවා. ඒ සම්බන්ධව පොලිසියේ තියන “ස්ත්‍රෙන්ත්” එක, තාක්ෂණ සියල්ල උපයෝගී කරගන්නවා. අත් අඩංගුවට අරන් ඉදිරියට යන්න පුලුවන්.

මාධ්‍ය – ප්‍රශ්නයට උත්තර දුන්නේ නෑ. දේශබන්දුගේ වැඩ තහනම් කිරීම හෝ අනිවාර්ය නිවාඩු යැවීම සම්බන්ධව අවධානය යොමු වෙලා තියනව ද?. ඒ සම්බන්ධව සාකච්ඡාවක් තියනව ද?. නිශ්චිතව ඔබතුමාට තොරුතුරු තියනව ද ටිරාන් අලස් මහත්මයාගේ ගෙරද පරීක්ෂාවට ලක් කළා කියලා. අනිත් එක තවත් ප්‍රචාරයක් යනවා ස්වාමීන්වහන්සේ කෙනෙක් විදිහට වෙස් වලාගෙන ඔහුට උදවු කරන පන්සලක ඉන්නවා කියලා. එහෙම තැන් පරීක්ෂාවට ලක් කරලා තියනවා කියලා ඔබතුමා දැනුම්වත් ද?

කැබිනට් ප්‍රකාශක – රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදින් හැටියට ඔබට තොරතුරු තියනවා නම් ඉදිරිපත් කරන්න. දැනට එකම දේ තියෙන්නේ දේශබන්දු වෙනුවෙන් ලන්සුවක් තියලා නෑ. සෙව්වන්දි ගැන කිව්වොත් ඔත්තුවට තෑග්ගක් හරි හම්බවෙනවා. පොලිසියට තොරතුරු ලබා දීම මහ ජනතාව සහ මාධ්‍යවේදීන් හැටියට ඔබේ වගකීමක්. යුතුකමක්. දන්න කියන තැන් සම්බන්ධව පොලිසිය දිවා රෑ නොබලා සර්ච් කරමින් ඉන්නේ. අපි හිතනවා කොයි වෙලාවක හරි අත් අඩංගුවට පත් වේවි කියලා.

මාධ්‍ය – එතකොට දේශබන්දුගේ වැඩ තහනම

කැබිනට් ප්‍රකාශක – වැඩ තහනම ගැන සාකච්ඡාවක් ආවේ නෑ ඇත්තටම.

මාධ්‍ය – ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා වෙත යොමු කරලා තියනවා ඔහුගේ වැඩ තහනම හෝ අනිවාර්ය නිවාඩු යැවීම. දවස් හතරකට හෝ පහකට කලින්.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක – මට ඒ ගැන නිසි අදහසක් නෑ.

මාධ්‍ය  – සුනිල් වටගල ඇමතිවරයා සඳහන් කළා ඉරිදා වනවිට දේශබන්දුට කල් දීලා තියනවා කියලා බාර වෙන්න. කල් දීලා තියනවා කියන්නේ රජය සමග යම් එකඟතාවයක් ඇවිත් තියනව ද?. ඔහුට නඩු යන්න කාලයක් දීලා තියනව ද?

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක – නෑ… කිසිම කල් දීමක් නෑ. මම දන්නේ නෑ ඒ ප්‍රකාශයේ අදහස මොකක්ද කියලා. පොලිස් කණ්ඩායම් ගණනාවක් යොදවා තියනවා ඔහු යන එන තැන් පරීක්ෂා කරන්න. ඔබ දන්නවා ඇති සමහර තැන් සර්ච් කරලා තියනවා. ඒ අය මාධ්‍යයට කිව්වා මෙන්න මේ වෙලාවෙදි අපේ ගෙදරට ඇවිත් දේශබන්දු ඉන්නවද කියලා බැලුවා කියලා. ඔබට හැඟෙනවා ඇති පොලිසිය මේ ගැන උනන්දුවෙන් කටයුතු කරන බවට.
ඒ හැරුණ විට කිසිම කල් දීමක් නෑ. අපේ බලාපොරොත්තුව අත් අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කරන එක.

මාධ්‍ය – දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ගැන පමණක් නොවෙයි, තව හත් දෙනෙක් සම්බන්ධවත් අධිකරණ තීන්දුවක් තියනවා. ඒ හත් දෙනාගෙන් එක් අයෙක්වත් තවම අත් අඩංගුවට පත් වෙලා නෑ. එහෙම වෙන්නේ කොහොම ද?.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක – දැනට නෑ… අත් අඩංගුවට ගැනීමට හැකි වෙලා නෑ. අත් අඩංගුවට ගත්තු ගමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක හරහා ඔබට දැනුම් දෙන්නම්.

මාධ්‍ය – ඩබ්ලියු 15 එකට අදාලවම කිව්වොත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා අත් අඩංගුවට ගන්න කියලා තමයි නියෝගය තියෙන්නේ. නමුත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා තියනවා ටිරාන් අලස් සම්බන්ධව විමර්ශන පවත්වන්න කියලා. මොකද ඉතාම ප්‍රකට කාරණයක් තියනවා සමාජයේ සමාජගත වෙච්චි ටිරාන් අලස් සහ මේ හෝටලයේ හිමිකරු අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ විමර්ශන ගැන අප්ඩේට් එකක් තියෙයි ද?. ටිරාන් අලස් ගැන සොයා බැලෙයි ද?

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක – නෑ… දැනට මේ සම්බන්ධයෙන් මා ලඟ එකින් එක තොරතුරු නෑ. ඉදිරියේ දී පරීක්ෂණවල ප්‍රගතිය අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හරහා ඔබට දැනගන්නට ලැබේවි.

මොනවා හරි හේතුවක් නිසා ආණ්ඩුව දේශබන්දුව නාවා ගෙට ගන්න යන්නේය. ඇත්තම කතාව නම් පීනසේ හැදෙන්නේ නලින්ද ජයතිස්සට ය. තේරෙන්නේ නැති විකාරය වන්නේ මේ සියලු දේ අස්සේ නීතියේ ආධිපත්‍ය, නිතියේ සමානාත්මතාවය, දේශපාලන ඩීල් රහිත ජනතා දේශපාලන ප්‍රභූත්වය ගැනත් නලින්ද ජයතිස්ස රජය වෙනුවෙන් කැබිනට් මාධ්‍ය හමුවේ දී “තවු ටෝක්ස්” දීමය. එක අතකට මේ හාදයා පවුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ දී පාර්ලිමේන්තුවට…

Next Post

රටේ ඉතිහාසයේ පළමු වරට පොලිස්පති දුටු තැන අත් අඩංගුවට ගන්න අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.