ආණ්ඩුව ලබන 23 දා කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී සමුළුවට සහභාගී නොවී එය වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සනාථ කරයි.
සර්ව පාක්ෂික සමුලුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඊට සහභාගී වන ලෙස සියලු පක්ෂ වලට ආරාධනා කර තිබේ.
පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සංධානය යන පක්ෂ ස්ථිරවශයෙන්ම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කර ඇත.
සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස මෙතෙක් කටයුතු කළ ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 10 සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න අද (15) වනතුරු තීරණය ගෙන නොතිබිණි.
මේ සම්බන්ධව ලංකාසර කළ විමසුමක දී සමගි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ ප්‍රකාශකයන් කිහිප දෙනෙක්ම කියා සිටියේ මෙම සමුළුව හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මෙවැනි සමුළු සහ සාකච්ඡා ගණනාවක් පවත්වා ඇතත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොවුන බව එම ප්‍රකාශකයෝ පෙන්වා දෙති.
මෙවැනි සමුළුවලට සහභාගී වී තම පක්ෂවල අදහස් හා යෝජනා ලබා දුන්න ද ආණ්ඩුව ආණ්ඩුවට අවශ්‍ය දේ ක්‍රියාත්මක කරන බවත්, ආණ්ඩුව පත් වූ දා සිටම මේ ආකාරයට ක්‍රියා කිරීම නිසා රට මේ තරම් අගාධයකට ඇද වැටුණු බවත් ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වනවාද නැද්ද යන්න තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඉහත දේශපාලන පක්ෂවල ප්‍රධානීන් කීප දෙනෙක් කීහ.







