බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයින්ට දැන් මිනිස්සු රවට්ටන්න බෑ… ඡන්දෙදි කරන්න ඕන දේ ඔවුන් දන්නවා… දැන්වත් එකතු වෙලා වැඩ කරන්න… මල්වතු මහා නායක හිමියෝ සජබ දේශපාලන ලොක්කන්ට කියති!

by editor
ඔක්තෝබර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පෙර මෙන් මිනිසුන් දේශපාලන්ඥයින්ට රැවටිය නොහැකි බැවින් ද ඡන්දයක දී කළ යුතු දේ සම්බන්ධව ඔවුන්ට හොඳ අවබෝධයක් පවතින බැවින් ද ශක්තිමත් විපක්ෂ සන්ධාන හැදීමේ කටයුතු පසෙක තබා ආණ්ඩු පක්ෂය හා එක්ව කටයුතු කර රට ගොඩ නගන ලෙස මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ අද රටේ ප්‍රධාන විපක්ෂයවන සමගි ජන බලවේගයේ නියෝජිතයන්ට අවවාද කළහ.

උන් වහන්සේ පැවසුවේ පසුගිය වකවානුවේ සිටි පාලකයින් සියලු දෙනා රට විනාශයට ගෙනා බැවින් කොහි මොහොතක හෝ ආණ්ඩු බලය ලබා ගැනීමේ අදහසින් තොරව විපක්ෂය ආණ්ඩුව හා එක්ව කටයුතු කිරීම වැදගත් බවය.

ඉදිරියේ දී පත්වන නව පාර්ලිමේන්තුව තුළ හෝ පක්ෂ විපක්ෂ කණ්ඩායම් එකතු වී වැඩ කරන්නේ නම් එමගින් රටට යහපතක් වනු ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

මල්වතු මහනාහිපාණන් එසේ පැවසුවේ සමගි ජනබලවේගයේ සභාපති ඉමිතියාස් බාකීර් මාකර් ඇතුළු කණ්ඩායමක් අද (15) පෙරවරුවේ උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ය.

සිය අනුශාසනාව කරමින් එහිදී මල්වතු මහා නායක හිමියෝ මෙසේ කීහ.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

“අද මේ රට තිබෙන්නේ ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක බව අපි කවුරුත් තේරුම් ගන්න ඕන. ඒ නිසා තමයි පක්ෂ, පාට භේද පැත්තක තියලා එකතු වෙලා වැඩ කරන්න කියන්නේ. පහුගිය කාලය පුරාම අපි කිව්වා එකතු වෙලා වැඩ කරන්න කියලා. කවුරුවත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. විපක්ෂය බලන්නේ කොහොමද බලයට එන්නේ කියලා. ආණ්ඩුවට සහය දෙන්නෙත් ඒ ගැන හිතමින්. ”

“රටේ අනාගතය ගැන හිතලා කොයි කාටත් එකතු වෙලා වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන. එකතු වෙලා වැඩ කරන්න කොයි මොහොතක හරි බලය ගන්න වුවමනාවෙන් එකතු වෙලා වැඩ කරනවා නම් ඒක සාර්ථක නැහැ. අපි එකතු වෙන්න ඕන රටේ අහිංසක ජනතාව ගැන හිතලා මිස පක්ෂවල පැවැත්ම ගැන හිතලා නෙවෙයි. ”

“මිනිස්සුන්ව දැන් ඉස්සර වගේ දේශපාලනඥයින්ට රවට්ටන්න බැහැ. ඒ අය දැනුවත්. ඡන්දකය දී කරන්න ඕන මොකක්ද කියලා ඒ අය දන්නවා. අද හැමෝම කතා කරන්නේ ශක්තිමත් විපක්ෂයක් හදන්නයි. සමගි ජන බලවේගයත් ඉන්නේ ඒ මතයේ ද ?. සර්වජන බලය පක්ෂය ඇතුළු බොහෝ දෙනෙක් ශක්තිමත් විපක්ෂයක් හදන එක ගැන කතා කරනවා මම දැක්කා.”

“හිටපු පාලකයෝ වැඩ කළේ නැහැ. අඩුපාඩු බොහොමයක් රටේ තිබෙනවා. දැන්වත් මේවාට විසඳුම් දෙන්න මහමැතිවරණයෙන් පසු හැමෝම එකතු වෙලා වැඩ කරනවා නම් අපි කැමතියි. අපේ රටේ විරුද්ධ පක්ෂය හැමදාම කළේ ආණ්ඩු පක්ෂයට උදව් නොකරන එකයි. දැන්වත් මේ තත්ත්වය වෙනස් වෙනවා නම් හොඳයි”

ොමෙහි දී අදහස් දැක් වූ සමගි ජනබලවේගයේ සභාපති ඉමිතියාස් බාකීර් මාකර් පැවසුවේ ලෝකයේ දැන් අංශ වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික ප්‍රවාහ නැති බවත් මැද මාවතේ ගමන් කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස ජනාධිපතිවරයා සමග සමගි ජන බලවේගයට අවබෝධයෙන් වැඩ කළ හැකි බවත්ය.

පසුගිය මැතිවරණයේ දී තමන් රට ගොඩනගන තම වැඩපිළිවෙළ ඉදිරිපත් කරද්දී ජනතාව ඡන්දය දුන්නේ වංචාව සහ දූෂණය පිටු දකින්නට බව සභාපතිවරයා කීවේය

“මේ මොහොතේ රට පවතින අර්බුදකාරී වාතාවරණය සම්බන්ධව අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා අවංකව එකතු වී වැඩ කරන්න අපි සූදානම්. ” එසේ කී ඉම්තියාස් ලෝක දේශපාලන ප්‍රවනතා ද මහා නායක හිමියන් අභියස දක්වා සිටියේය.

“ප්‍රංශයේ ජනාධිපති එක පක්ෂයක පාර්ලිමේන්තුවේ වැඩි බලය වෙනත් පක්ෂයකට. ඇමරිකාවේ බයිඩන් ජනාධිපති ඩිමොක්ක්‍රටික් පක්ෂයේ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය රිපබ්ලිකන් පක්ෂයේ. ජනාධිපතිවරයා රටට යහපත් දෙයක් කරනවා නම් අවබෝධයෙන් වැඩ කරන්න අපි සෑම විටම සූදානම්.”

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවස්ථා 4ක දී බැඳුම්කර මගින් ණය ගත්තා තමයි… ණය මත දුවන රටක එක්වර ආදායම් උපදවන්න බෑ… රජය පවසයි!

Next Post

ගොවි සංවිධාන ලොක්කෙක් මහවැලියේ සහයත් අරන් වලස්ගල රක්ෂිතය වසනයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.