මාතර දෙවිනුවර දී තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවන් 04ක් අත් අඩංගුවට ගෙන තිබේ.
ඝාතතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරුවන් වෙන්නප්පුව ප්‍රදේශයේ දී සැඟව සිටිය දී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග ප්‍රකාශ කරයි.
සිද්ධිය සම්බන්ධව මීට පෙර සැකකරුවන් පස් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබිණි. පසුගිය 21 දා රාත්‍රියේ දි මෙම වෙඩි තැබීම සිදුවිය. ඝාතනයට ලක් වූයේ යොමේෂ් නදීෂාන් සහ පසිඳු තාරක නැමැති 28 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
ජාත්‍යාන්තර මත්ද්‍රව්‍ය ජාලය හරහා ලැබුණ මත්ද්‍රව්‍ය තොගයක් සොරකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවිනුවර ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිද්ධ වී ඇති බව ගන්දර පොලිසිය පසුගිය 23 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර කරුණු වාර්තා කර තිබිණි.
මින් පෙර අත් අඩංගුවට ගත් පස් දෙනා අතර සිටින කාන්තාව මෙම ද්විත්ව ඝාතනය කළ කුලී ඝාතකයෙකුගේ බිරිය බව ද වාර්තා වේ. මුලින් අත් අඩංගුවට ගත් කාන්තාව ඇතුළු සැකකරුවන් සිවු දෙනා දින 07ක රැඳවුම් නියෝග සහිතව ප්‍රශ්න කරමින් ඇත. රැඳවුම් නියෝග හෙට (29) අවසන් වේ.







