බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවන එලිසබෙත් රැජින: අවමංගල්‍යය උත්සවය සහ දේහය තැන්පත් කෙරෙන ආකාරය

by editor
සැප්තැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී – 

බ්‍රිතාන්‍ය ය ඉතිහාසයේ දීර්ඝතම පාලන කාලය අවසන් කරමින් රැජින අභාවප්‍රාප්ත වූවා ය. ඒ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී, සිය සමීපතමයන් පිරිවරාගෙන ඉතාම සාමකාමී ලෙසට ය.

මෙම සටහන පළවන්නේ ඉදිරි දිනවලදී රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා ඇයගේ දේහය තැන්පත් කරන තෙක් සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි දේ පිළිබඳවය.

රැජිනගේ දේහය තැන්පත් කිරීම

ඇයගේ දේහය ලන්ඩනයට ගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍යය උත්සවයට පෙර දින හතරක පමණ කාලයකට එය වෙස්ට්මිනිස්ටර් ප්‍රධාන ශාලාවේ තැන්පත්කර තැබෙනු ඇත.

මෙම ප්‍රධාන ශාලාව, බ්‍රිතාන්‍ය රජයේ හදවත වන වෙස්ට්මිනිස්ටර් මාලිගයේ පෞරාණිකම කොටසයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම ශාලාවේ අවසන් වරට රාජකීය අවමංගල්‍යයක් පැවතුණේ 2002 දී මව් රැජින මියගිය අවස්ථාවේ දී ය. එහිදී 200,000 කට වැඩි පිරිසක් ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියහ.

රැජිනගේ දේහය, 11 වන සියවසේදී නිර්මාණය කරන ලද, ශාලාවේ මධ්‍යකාලීන දැව වහලයට යටින් ‘කැටෆ්ලේක්’ යනුවෙන් හැඳින්වෙන වේදිකාවක් මත රඳවනු ඇති අතර, වේදිකාවේ සෑම කොනක්ම රජ මාලිගයට සේවය කරන ඒකකවල සොල්දාදුවන් විසින් මුර කරනු ලැබේ.

ඇයව බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මිනිස්ටර් ශාලාව වෙත රැගෙන එනු ලබන්නේ රාජකීය පවුලේ සාමාජිකයන් ප්‍රමුඛව ඉතා සෙමෙන් ගමන් කරන හමුදා පෙරහැරකිනි.

අවමංගල්‍ය පෙරහැර වීදි හරහා ගමන් කරන විට ජනතාවට එය නැරඹීමයට ඉඩ ලැබෙන අතර, ලන්ඩනයේ රාජකීය උද්‍යානයේ ස්ථාපනය කෙරෙන විශාල තිර ඔස්සේ එය විකාශනය කිරීමේ ඉඩක් ද පවතී.

ඇයගේ දේහය එක්සත් රාජධානි ධජයෙන් ආවරණය කෙරෙනු ඇති අතර, වෙස්ට්මිනිස්ටර් ශාලාවේ එය තැන්පත් කර තැබීමේදී ඒ මත බ්‍රිතාන්‍ය කිරීටය, යෂ්ටිය සහ ඔටුනු පැළඳවීමේ මංගල්‍යයේදී භාවිත කෙරෙන කුරුසය සහිත ආභරණය තැන්පත් කෙරෙනු ඇත.

ප්‍රධාන ශාලාවේ තැන්පත් කිරීමෙන් පසුව කෙටි දේව මෙහෙයක් පැවැත්වෙන අතර, රැජිනට අවසන් ගෞරවය පුද කිරීම සඳහා මහජනතාවට වෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට අවස්ථාව ලැබෙන්නේ ඉන් අනතුරුව ය.

රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ කවදා ද?

රාජ්‍ය අවමංගල්‍යය සති දෙකකට අඩු කාලයක් තුළ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ හිදී සිදු කෙරෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, නිශ්චිත දිනය බකිංහැම් මාලිගය විසින් නිවේදනය කරනු ඇත.

1953 දී පැවති රැජිනගේ රාජාභිෂේකය ඇතුළුව බ්‍රිතාන්‍යයේ රජවරුන් සහ රැජිනියන් අභිෂේක ලැබුවේ ඓතිහාසික වෙස්මින්ස්ටර් දේවස්ථානයේදී ය. 1947 දී රැජින පිලිප් කුමරු සමඟ විවාහ වනවිට දේව මෙහෙය පැවැත්වූයේ ද මෙහි ය.

2002 වසරේදී වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ රැජිනගේ මවගේ අවමංගල්‍යය පැවැත්වුණු නමුත්, 18 වන සියවසෙන් පසුව එහි ඔටුනු පලන් අධිරාජ්‍යයෙකුගේ අවමංගල්‍ය උත්සවයක් පැවැත්වෙන්නේ පළමු වරට ය.

රැජිනට අවසන් ගෞරවය දැක්වීමට සහ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා රාජකීය පවුලේ සාමාජිකයන් සමඟ එක් වීමට, එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහ හිටපු අගමැතිවරු ද ඇතුළුව ලොව පුරා සිටින රාජ්‍ය නායකයින් පැමිණෙනු ඇත.

රාජකීය නාවික හමුදාවට අයත් තුවක්කු ප්‍රවාහන කරත්තයෙන්, වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය දක්වා රැජිනගේ දේහය රැගෙන යාමෙන් අවමංගල්‍යය ආරම්භ වේ.

 

මෙම තුවක්කු ප්‍රවාහන කරත්තය අවසන් වරට භාවිත කර ඇත්තේ 1979 දී පැවති පිලිප් කුමරුගේ මාමා වන මවුන්ට්බැටන් සාමිවරයාගේ අවමංගල්‍ය උත්සවය සඳහා වන අතර, එය රාජකීය නාවික හමුදාවේ නාවිකයින් 142 දෙනෙකු විසින් ඇදගෙන යන ලදී.

නව රජු ඇතුළු රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ද අවමංගල්‍යය පෙරහැරේ ගමන් කරනු ඇත.

අවමංගල්‍ය මෙහෙය වෙස්ට්මිනිස්ටර් හි පීඨාධිපති ඩේවිඩ් හොයිල් විසින් මෙහෙය වීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර, කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි විසින් ප්‍රධාන දේශනය සිදු කිරීමට ඉඩ තිබේ. අගමැති ලිස් ට්‍රස් ද එහිදී පාඨයන් කියවීමට කැඳවුම් ලැබිය හැක.

අවමංගල්‍ය දේව මෙහෙයෙන් අනතුරුව, රැජිනගේ දේහය ලන්ඩනයේ හයිඩ් පාර්ක් කෝනර් හි පිහිටි දේවස්ථානයේ සිට වෙලින්ටන් ආරුක්කුව දක්වා පා ගමනින් යන පෙරහරකින් ගෙනයනු ඇති අතර, එය අවමංගල්‍ය රථයකින් වින්ඩ්සර් වෙත ගෙන යන්නේ ඉන් අනතුරුව ය.

රැජිනගේ දේහය එදින ම පස්වරුවේ වින්ඩ්සර් මාලිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත ගෙන යනු ඇත.

භාර කිරීමේ දේවමෙහෙයක් සඳහා ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට දේහය රැගෙන යාමට පෙර වින්ඩ්සර් මාලිග චතුරස්‍රයේ පැවැත්වෙන අවමංගල්‍ය පෙරහැරට නව රජු සහ රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් විවාහය මෙන් ම රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍යය පැවැත්වුණේ ද එහිදී ය.

රැජිනගේ දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානය තුළ පිහිටා ඇති හයවන ජෝර්ජ් රජු අනුස්මරණ දේවස්ථානයේ තැන්පත් කිරීමට පෙර රාජකීය සුරක්ෂිතාගාරයට ගෙන යනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පෙහොට්ටුවෙන් බේරෙන්න ජාතික විධායක සභාව ගේන්න –  යූ.එන්.පී හිතවාදීන්ගෙන් ජනපති ට යෝජනාවක්

Next Post

මහ රැජණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති රනිලුත් එංගලන්තයට යයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.