බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දුමින්දගේ හිර ගෙදර නාඩගම ලෝකයට පේන හැටි….

by editor
ජනවාරි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බිබිසී –

  • විශේෂඥ වෛද්‍යවරු 18 දෙනෙකුගේ නිර්දේශ මත ලෙඩක් නැති දුමින්ද සිල්වා සාමාන්‍ය සිරමැදිරියකට මාරු කළ දිනයේම යළි ලෙඩවුන හැටි!

විශේෂඥ වෛද්‍ය නිර්දේශවලින් පසු බන්ධානාගරයේ සමාන්‍ය සිර මැදිරියකට මාරු කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඊට පසුදාම හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ ජනවාරි 11 වැනි දා බීබීසි සිංහල වෙත තහවුරු කළේ ය.

ආචාර ධර්ම සලකා රෝගියාගේ වැඩිදුර විස්තර ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

බන්ධනාගාර රෝහලින් සාමාන්‍ය වට්ටුවකට

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වරදරකරු වී මරණ දඬුවම හිමිව සිටින හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලින් සමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී. බී. දිසානායන ජනවාරි 10 වැනි දා නිවේදනය කළේය.

එම නිවේදනයේ සඳහන් පරිදි දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නේවාසික ප්‍රතිකාර ලබා දී තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ මතයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

කෙසේ වෙතත්, අදාළ සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් ඔහුට බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍යද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසනු ලැබ තිබිණි.

ඒ අනුව 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබා දුන් නිර්දේශ අනුව ඔහුව සමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කළ බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

එම කමිටුව දෙන ලද නිර්දේශය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට (ජනවාරි 10 වැනි දා) ලැබී ඇති අතර එහි සඳහන් පරිදි අදාළ සිරකරුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක රෝහල්ගත කර සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සදහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවත් අදාළ නිර්දේශයේහි දක්වා තිබිණි.

අදාළ නිර්දේශ අනුව ආර්. දුමින්ද සිල්වා යන අය බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ බවත් අදාළ සිරකරුගේ හදිසි සංකූලතාවයකදි ගත යුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් වැලිකඩ අධිකාරිවරයාට උපදෙස් ලබා දී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සිරගත කර සිටින දුමින්ද සිල්වා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිම සම්බන්ධව මෙන් ම ඔහුගේ තත්ත්වය පිළිබඳව විමසීමට බීබීසි සිංහල, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි. බී. දිසානායක දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක දී උත්සාහ කළ ද ඔවුන් දෙදෙනාම දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරායේ අවුල පුපුරන්න ලඟයි… දින 05 -06 පෝලිම්වල ලගින බහාලුම් ප්‍රවාහනකරුවන් වර්ජනයක් පිළිබඳ රජයට ඉඟි කරති!

Next Post

රියදුරු බලපත්‍ර – වාහන ලියාපදිංචි සහිතක හොරට හදා සල්ලි ගැරූ ජාවරමුන් 03ක් කොටු!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.