බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරායේ අවුල පුපුරන්න ලඟයි… දින 05 -06 පෝලිම්වල ලගින බහාලුම් ප්‍රවාහනකරුවන් වර්ජනයක් පිළිබඳ රජයට ඉඟි කරති!

by editor
ජනවාරි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේ පීඩාව දරාගැනීමේ සීමාව පහුවෙලා… අපව වර්ජනයකට තල්ලු කරන්න එපා… අප කියන කතාවට ඇහුම්කන් දෙන්න…  බහාලුම් ප්‍රවාහන කරුවෝ ආණ්ඩුවට පවසති!

කුමණ ආකාරයේ ප්‍රකාශ කවුරුන් ඉදිරිපත් කළත් ප්‍රායෝගිකව වරාය බහාලුම් මුදා හැරීම බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කර ඇති බවත් මේ ඇති වී තිබෙන ආකාරයේ ආතතියක් වඩාත් තියුණු ලෙස ප්‍රකාශ වන්නේ මාස 06කට පමණ ආසන්න කාලයක සිට බවත් බහාලුම් ප්‍රවාහන කරුවෝ පවසති.

මේ ප්‍රමාදය කිසිසේත්ම තාර්කික නොවන බවත්, මේ වනවිට වරාය තුළ අඩුම තරමින් කන්ටේනර් හාරදහසක් පමණ සිරවී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

මෙම නිශ්කාශන අංගන පසුගිය කාලය පුරාම දේශපාලන බලය හා සම්බන්ධ ස්ථාන ලෙස ගොඩනැගුන බවත් වත්මන් රජය මේ තත්ත්වය පිලිබඳ නිසි බරකින් අවධානය යොමු නොකරන්නේ නම් ඉතාම අභාග්‍ය සම්පන්න ඉරණමකට ඔවුන් නුදුරේදීම මුහුණ දෙනු ඇති බවත් ප්‍රවහානකරුවෝ පවසති.

“එක පොඩි උදාහරණයක් කියන්නම්… ග්‍රේ ලයින් 01ට හතර වෙනිදා පටවපු ලොරියක් දැන් යන්නේ. රියදුරා අහපසුතාවයට පත්වීම වෙනම තියන්න. මේ ටැංකියේ තියෙන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය. මෙහෙම කොහොමද ව්‍යාපාර කරගෙන යන්නේ නෙ. ව්‍යාපාර බංකොලොත් වෙනවා.” අපට අදහස් දැක්වූ ප්‍රවාහනකරුවෙක් පැවසුවේය.

එක්සත් බහාලුම් ප්‍රවාහන රියදුරු සංගමයේ සභාපති ඉඳුනිල් මහේෂ් පෙරේරා ලංකාසරට අදහස් දක්වමින් පැවසුවේ මේ පීඩාව දරාගත හැකි සීමාව පසු කර ඇති බවත් කිසිවෙකු ඇහුම්කන් නොදෙන මේ ගැටලුවේ ගැඹුර හඳුනා නොගැනීම තුළ ඉදිරියේ දී සමස්ථ බහාලුම් ප්‍රවාහන රියදුරන් වර්ජනයකට යන බවත් ය.  ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය මාස තුන තුළ  රියදුරන් බහාලුම් රථ පෝලිම්වල මිය ගිය අවස්ථා ද වාර්තා වන බවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ඒක නොකර ඉන්න තමයි මේ තරම් උත්සාහ කරන්නේ. මේ තියෙන්නේ අපි පත් කරගත්තු ආණ්ඩුවක්. මේ ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිචාරය මේ තරම් නරක් වේවි කියලා අපි හිතුවෙ නෑ. ඇමතිතුමා නිරීක්ෂණ චාරිකාවක ඇවිත් ගියෙ මූලික ප්‍රශ්න ටික හඳුනගෙන කියලයි හිතුවේ. එහෙම වෙලා නෑ. ඒ නිසා අපි ඇමතිතුමාගෙන් පොඩි වෙලාවක් ඉල්ලුවා මේ ගැටලුව ගැන පැහැදිලි කරලා දෙන්න. ඒත් ඒකටත් ඇහුම් කන් දෙන්නේ නෑ. අපි එක දවස් දෙකක් වර්ජනයකට ගියොත් රටට කන්නවත් නැති වෙනවා…” සභාපතිවරයා පැවසුවේය. ඔහු පෙන්වා දෙන්නේ සිදුවෙමින් ඇති ප්‍රමාදය තේරුම් ගත නොහැකි තරම් අතාර්ක බවය.

“බහාලුම් කන්ටේනරයක් පටවා ගත්තට පස්සේ රේගු පරීක්ෂණ අංගනයට යන්න ගේට් පාස් එකක් ඕන. ඒ ගේට් පාස් එක අරන් අඩුම ගණනේ දවස් තුනකින් වරායෙන් එළියට එන්නේ. එහෙම ආවත් රේගු පරීක්ෂණය කරගන්න තවත් දවසක් එක හමාරක් පෝලිමේ ඉන්න වෙනවා. ඒ අතරෙ කුඩු කාරයෝ ඇවිත් බෙල්ලට පිිහය තියලා කොල්ල කන සිද්ධි අපේ අය අත් විඳිනවා. ආරක්ෂාවක් නෑ.”

එහෙත් රේගුව පවසන්නේ ඔවුන් සියලුම බහාලුම් පරීක්ෂා නොකර පරීක්ෂා කරන්නේ නියැදි බවය. පැය ගණනකින් ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් පරීක්ෂා කර නිදහස් කරන බවය.

” ටැංකියකට බඩු පටව ගත්තට පස්සේ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන අයට නම් දවස් තුනකින් වැඩේ කරගන්න පුලුවන්. ඒත් දවස් තුනක්. ඒත් අනික් බඩු ප්‍රවාහනය කරන අය සතිය දෙක ඇතුළෙ. අඩි හතලිහේ ටැංකි ප්‍රවාහනය කරන අයට මේ තත්ත්වයට ගොඩක් වෙලාවට මුහුණ දෙන්න වෙනවා. මේ ක්‍රියාවලිය ඇතුළෙ ප්‍රමාදයන්ටත් ආපහු දඩ එනවා. ඒ දඩ මුදල් අන්තිමට ගෙවන්නේ පාරිභෝගිකයො.”

” මේකේ අනික් ප්‍රශ්නය වරායේ ඇතුළෙ නවත්වන්න දෙන්නේ නෑ. පොලිසියෙන් දඩ ලියනවා. පිටවෙන්න විදිහක් නෑ. ක්‍රමය ඇතුළෙ පරක්කු වෙනවා. වරායෙන් පිට වෙන්නත් බෑ. ඇතුළෙ ඉන්නත් බෑ. කන්න බොන්න දෙයක් නැතිව වැසිකිලියක් නැතිව මේ විඳින දුක සම්බන්ධව කිසිම කෙනෙකුට අවබෝධයක් නෑ. අපිට ජීවත්වෙන්න ලැබෙන්නේ කමිෂන් එකක්. මේ විදිහට ගිහින් මාසෙටම ටැංකි තුනක් හතරක්වත් ට්‍රාන්පෝට් කරන්න බැරි නම් අපි කොහොම ද ජීවත් වෙන්නේ.”

ඔවුන් පවසන්නේ මේ තත්ත්වය සම්බන්ධව එක්සත් බහාලුම් ප්‍රවාහන රියදුරු සංගමයේ නිලධාරී මණ්ඩලය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවය. වර්ජනයක් දක්වා තමන් තල්ලු කරන නොදමන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති. පහත දැක්වෙන්නේ මේ මොහොතේ කන්ටේනර් පොලිමේ කොටසකි.

රේගුව කියන කතාව

කොළඹ වරායේ ඇතිව තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයට ආනයනකරුවන්ගෙන්, නිශ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීම භාන්ඩ නිශ්කාශන ක්‍රියාවලිය ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේය.

ඔහු එහි සඳහන් කර ඇත්තේ මේ සඳහා මූලික හේතුව බවට පත්ව ඇත්තේ බහලුම් පරික්ෂාව සඳහා ඇති ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණ වීමත් ඊට බලපාන තවත් ප්‍රධාන සාධකයක් බවය.

දැනට දිනකට බහලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයක් බවත් ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කරන බවත් ඔහු පවසන්නේය.

අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ ගේ සම්පූර්ණ නිවේදනය මෙසේය.

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදය සම්බන්ධවයි.

ආනයන බහලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් මාධ්‍ය තුලින් විවිධ ප්‍රකාශ ඉදිරිපත් වී තිබේ. මේ සඳහා මූලික හේතුව වශයෙන් රේගුව හඳුනා ගෙන ඇති කරුන නම් බහලුම් පරීක්ෂාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් මඳවීමයි.

දැනට දිනකට බහලුම් 1500-3000 අතර ප්‍රමාණයක් ආනයනය කෙරෙන අතර භෞතික පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉන් 35% සිට 40% දක්වා ප්‍රමාණයකි. ඉතිරි සියල්ලම ඉතා ඉක්මනින් නිදහස් කෙරේ.

පරීක්ෂාව සඳහා රඳවා ගන්නා බහලුම්වලින් 50%ක් හෝ ඊට වැඩි ප්‍රමානයක් එසේ රඳවා ගනු ලබන්නේ රේගුවේ අවශ්‍යතාවය සඳහා නොව අනෙකුත් රාජ්‍ය ආයතන, එනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආහාර පරීක්ශක, ශාක නීරෝධායන, සත්ව නීරෝධායන, NMRA යන ආයතනවල අවශ්‍යතාවය සඳහා වේ. කෙසේ වෙතත් මේ සියලුම ආයතන සිදු කරන්නේ නීති ප්‍රකාරව මහජනතාවගේ සුභසිද්ධිය සංදහා ඉටු කල යුතු සේවාවකි.

දැනට බහලුම් පරීක්ෂාව සඳගා ඇති අංගන 03 හි ධාරිතාවය බහලුම් 350 කි. දිනකට බහලුම් 2000ක් ආනයනය කලහොත් ඉන් 800ක් පරික්ශාව සඳහා යොමු වේ. සමහර දිනවල බහලුම් 3000ක් පමන ආනයනය කෙරේ. එවිට ඇතිවන තත්වය විස්තර කිරීම අවශ්‍ය නොවේ.

රේගුව විසින් පරීක්ෂාව සඳහා තෝරා ගැනෙන්නේ ඉහල අවදානමක් ඇති බහලුම් වේ. දැනට පරීක්ෂා කරන බහලුම් වලින් 65% ක රේගු වැරදි සොයා ගැනේ.

රාජ්‍ය ආදායම සුරක්ශිත කිරීම, හොරබඩු ජාවාරම වැලැක්වීම, ආහාර ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්ණය කිරීම හා භාණ්ඩවල ප්‍රමිතිය පවත්වා ගැනීම මෙසේ භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් බලාපොරොත්තු වේ.

දැනට බහලුම් නිශ්කාශන ක්‍රියාවලියට ආනයනකරුවන්ගෙන්, නිශ්කාශන නියෝජිතයන්ගෙන්, ප්‍රවාහන නියෝජිතයන්ගෙන් හා අනෙකුත් රාජ්‍ය ආයතනවලින් රේගුවට නිසි පරිදි සහයෝගයක් නොලැබීමද ප්‍රමාදයට හේතු වී ඇත. විශේෂයෙන් නිශ්කාශන නියෝජිතයන් නිසි වේලාවට භාණ්ඩ පරීක්ශණය සඳහා නොපැමිණීම, පිටකොටුවේ ගොඩබෑමට ඇති බහලුම් රාත්‍රී 10 පසුවන තෙක් අංගනවලින් ඉවත් කිරීමට ආනයනකරුවන් ක්‍රියා නොකිරීම නිසා එම අංගනවල ඉඩකඩ ඇහිරීම තුලින් වැඩි බහලුම් තොගයක් පරීක්ෂා කිරීමට නොහැකිවීම, අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් අවශ්‍ය ප්‍රමානයට අනුයුක්ත නොකිරීම හා මුලු කාලය පුරා රැඳී ඔවුන් සේවයේ නොසිටීම යන කරුණු රේගුවේ පාලනයෙන් තොර වුවත් ඒ සියලුම කරුණුවලට රේගුවට වගකීමට සිදුවී ඇත.

එසේම වංචා සහ දූෂණ ක්‍රියා රේගුවෙන් තුරන් කිරීම සඳහා රේගුව මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් නිලධාරීන් වැඩි අවධානයකින් යුතුව භාණ්ඩ පරීක්ෂාව සිදුකිරීම නිසාද දිනකට පරීක්ෂා කෙරෙන බහලුම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇත.

ශ්‍රී ලංකා රේගුවට භාණ්ඩ පරීක්ෂාව සඳහා ඇති ඉඩකඩ වැඩි කිරීමට 2020 වසරේදී යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් සක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර කෙරවලපිටිය ප්‍රදේශයේ සුදුසු ඉඩමක්ද වෙන් කෙරුනත් ඉන් ඉදිරියට කිසිවක් සිදු නොවීම නිසා වර්ථමාන අර්බුධයට මුහුණ දීමට සිදුවී ඇත.

කෙසේ වෙතත්, වර්ථමාන රජය විසින් නැවතත් කෙරවලපිටිය යෝජිත රේගු පරීක්ශන මධ්‍යස්ථානය ඉදිකිරීම හෝ විකල්ප ක්‍රියාමාර්ගයක් තුළින් මේ ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. එමෙන්ම කෙටි කාලීන විසඳුමක් ලෙස පුද්ගලික අංශයේ පරීක්ෂණ අංගන භාවිතය පිලිබඳ අවධානයද යොමු වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රේක්ෂක සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමේදී කෘතිම බුද්ධියේ කාර්යභාරය!

Next Post

දුමින්දගේ හිර ගෙදර නාඩගම ලෝකයට පේන හැටි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.