-
අඛණ්ඩ වර්ජනයක් ප්‍රකාශ කරමින් දුම්රිය වර්ජකයින් සේවය අත් හැර ගියා සේ සලකන බවට වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී කළ ප්‍රකාශයට වර්ජකයෝ පිළිතුරු දෙති…
වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සේවය අත් හැර ගියා සේ සලකන බවට වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කළ ප්‍රකාශයට විරෝධය පළකරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.
ඔහු පවසන්නේ ඒ සඳහා සිය සංගමයේ විධායක සභාවෙහි අනුමැතිය ලැබුණු බවය.
අද (10) දහවල් 12ට පෙර වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සිය රාජකාරි දුම්රිය ස්ථානයට හෝ ආසන්නම දුම්රිය ස්ථානයකට සේවයට වාර්තා නොකරන්නේ නම් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකන බවට වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අවසන් නිවේදනය අද උදේ නිකුත් කර තිබිණි.
වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ පවසන්නේ මෙම වැඩවර්ජනය සිදුකරන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කර තිබියදී බවත්, එය නීති විරෝධී ක්‍රියාවක් බවත්ය.
ඊට පිළිතුරු දෙන දුම්රිය වෘත්තීය සංගම් දක්වා ඇත්තේ තමන්ගේ වෘත්තීය ගැටලුවක් මුල් කරගෙන කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් තුළ වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සළකන බවට දුම්රිය වැඩ බලන සාමාන්යාධිකාවරීවරයාගේ අත්තනෝමතක ප්‍රකාශයට විරෝධය පල කරමින් අද සිට වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සංගමයේ විධායක සභාව තීරණය කළ බවය.
වර්ජනය සියයට 90 කට වැඩියෙන් සාර්ථක බව පැවසූ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පෙරවරුවේ දුම්රිය බලධාරීන්ට ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය 12 ක් පමණ බවද පැවසීය.







