දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 400 ක් පමණ වැයවෙනු ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.
ඔහු සදහන් කළේ, සියළු දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට යම් කාලයක් ගතවිය හැකි බවයි.
2025 නොවැම්බර් අග භාගයේදී ඇති වූ ඩිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියට දැඩි හානියක් සිදුවූයේය. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් දුම්රිය පිලී තැන්පත් කර තිබූ පදනම් භූමි සේදී ගියේය. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ සහ මැද රට කලාපයේ මෙම ව්‍යසනය බරපතල විය. ඇතැම් ස්ථානවල තිබුණේ රේල්පිලී වැල් පාලම් සේ එල්ලෙමිනි. එමෙන්ම දුම්රිය පාලම්වලට දැඩි හානි සිද්ධ වී අබලන් වූයේය. මේ හේතුවෙන් කලාප ගණනාවක් හරහා දුම්රිය ගමනාගමනය නැවතිනි.
බලධාරීන් පුළුල් අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන විට දුම්රියමගේ සීමිත කොටස් පමණක් ප්‍රතිසංස්කරණය කර ක්‍රියාත්මක කිරීමට හැකි විය.







